මේ දවස් වල ගොඩක් අය අතර ජනප්‍රිය කෑමක් තමා mcpuff කියන්නෙ. ඔන්න ඉතින් මමත් ගෙනාව ඔයාලට හදන විදිහත් එක්කම... හරිම ලේසි හදන්න. බලන්නකො හදල.. ❤❤
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
Dough එක සඳහා
- හලාගත් පාන්පිටි 350g
- බටර්/ මාගරින් මේසහැඳි 2
- ලුණු තේහැඳි 1
- වතුර කෝප්ප 1/2
කරිය සඳහා
- කැරට් පොඩි ගෙඩි 2ක්
- ලීක්ස් පොඩි ගස් 2ක්
- අල ගෙඩි 2ක්
- පොඩි සැමන් ටින් 1ක්
- බීළූණු ගෙඩි 1
- අමුමිරිස් කරල් 2
- සුදුළූණු බික් 3
- කරපිංචා
- ලුණු, ගම්මිරිස්, කෑලිමිරිස්
- තෙල්
MC PUFF සඳහා
- බැදීම සඳහා තෙල්
- පාන්පිටි ස්වල්පයක්
- වතුර ස්වල්පයක්
- ගෑරුප්පුවක්
✅ සාදා ගන්නා ආකාරය :
Dough එක සෑදීම
- පිටි එකට ලුණු දමා කලවම් කරගන්න
- ඉන්පසු එකට බටර් ටික දමා හොඳට අනාගන්න.
- පිටි එක කෑලි කෑලි වගේ වෙනකම් අනාගන්න
- ඉන්පසු වතුර ටික ටික එකතු කරමින් සොෆ්ට් dough එකක් එනකම් අනාගන්න.
- සොෆ්ට් උනයින් පස්සෙත් තව වි.5ක් විතර හොඳට අත්ගහන්න.
- ඒක රෙදි කඩකින් හෝ ලන්ච්ශීට් එකකින් වසා පැය 1/2ක් තියන්න.
කරිය සෑදීම
- අල පොඩියට කපා තම්බ ගන්න.
- කැරට් ලීක්ස් හීනියට කපාගන්න.
- ළූණු අමුමිරිස් කරපිංචා සුදුළූණු පොඩියට කපාගන්න.
- සැමන් එක සෝදා පිරිසිදු කරගෙන පොඩි කරගන්න.
- තෙල් ටිකක් ලිපේ තබා එයට පොඩියට කපාගත් ළූණු අමුමිරිස් කරපිංචා සුදුළූණු දාගන්න.
- එය රන්වන් පාට උනාම කැරට් එකතු කරගන්න.
- කැරට් තැම්බුනාම ලීක්ස් ටික එකතු කරගන්න.
- කෑලි මිරිස් ගම්මිරිස් ලුණු දාගන්න.
- ඉන්පසු සැමන් එකතු කරගන්න.
- අවසානයට අල ටික එකතු කර සියල්ල හොඳින් කලවම් කර ලුණු රස බලල ලිපෙන් බාගෙන නිමෙන්න තියන්න
MC PUFF සෑදීම
- කලින් අපි හදාගත්ත Dough එකෙන් කොටසක් අරන් පිටි ටිකක් ඉසගත් මතුපිටක කොටුවක් හැඩේ එන විදිහට හොඳට තුනී කරගන්න.
- ඉන්පසු එය පොඩි සෘජුකෝනාශ්‍රය හැඩ වලට කපා ගන්න. (4' ×2 1/2' ප්‍රමාන වලට වගේ)
- සියලු සෘජුකෝනාශ්‍ර එක සමානව තියෙන්න ඕනෙ. (මතක ඇතිව ඉරට්ටෙ සංඛ්‍යාවක් එන විදිහට කපාගන්න.)
- දැන් ඒ එක සෘජුකෝනාශ්‍රයක් ගෙන ඒ මැදට සාදාගත් කරි එක තබා වටේට ඇගිල්ලෙන් වතුර ලාවට ගාන්න.
- ඉන්පසු තවත් සෘජුකෝනාශ්‍රයක් ගෙන කරි එක වැහෙන විදිහට එය උඩින් තබා වටේ ඇගිල්ලෙන් ලාවට තද කරමින් අලව ගන්න.
- ඉන්පසු ගෑරුප්පුවෙන් තද කරමින් වටේ සීල් කරගන්න.
- මේ විදිහට සියල්ල සාදාගෙන රත් කරගත් ගැඹුරු තෙලේ බැදගන්න.
✅ වැදගත් :
- Mc Puff කියන්නෙ වෙජි ස්නැක් එකක්.. ඒත් මම කරි එක සෑදීමේදී සැමනුත් භාවිතා කලා.. ඔයාලටත් ඔයාලගෙ රස කැමැත්ත අනුව කරි එක වෙනස් කරගන්න පුළුවන්.
- බැදීමට ගන්න තාච්චය puff එක දාන්න පුලුවන් සයිස් එකක් වෙන්න ඕනෙ. මේ ගැන සැලකිමත් වෙන්න.
- ඉහත දී ඇති ප්‍රමාණ වලින් මම 4'×3' ප්‍රමානයේ (දළ වශයෙන්) MC PUFF 16ක් සාද ගත්ත.
ChutiDuu's Kitchen - Nipunika De Silva
0 comments:
Post a Comment