Song Title : Manali (Mal Hasarllen) (මනාලි (මල් හසරැල්ලෙන්))
Music & Melody : Stereomiinds
Lyrics : Madeesha Ranathunge / Isuranga Iniyage
Vocals : Rashinie Gamage / Isuranga Iniyage
Mixing & Mastering : Stereomiinds
Illustrations & Video : Thushara Suseen Ceyforte Films
මල් හසරැල්ලෙන් ඔබ මුව සරසාලා
දෙව්ලිය පරදන රූ මානේ මෙදා
නිල් දෙනයන යා වී ආශා මවා
රන්වන් සේලේ හද යයි පැටලී මා
කිංකිණි නගාවී – සියුමැලි පා තබාවී
පතිනිය වෙන්නට මා අතිනත වෙලා
අංජන සිනාසී හිරිමල් හිත සලාවී
දෑඟිලි පටලා ඔබ මාගේ කියා..
මාල වලලු තෝඩු නුඹට හැඩයි මගේ කුමාරි
රන් කර බැඳ රැගෙන යන්න අවසර මා පතාවී
නෑ පර පුර මගුල් ගී ගයා නටා ප්‍රීති වී
ඈත රටින් කැන්දන් ආ ඔබයි මගේ මනාලි
ළා හිරු සේ පායා කිරණින් දෝවා
මා දිවි ආලෝකේ ඔබමයි සදා
රන්සලු අන්දා අද බැන්දේ සිනා
මතකය මේ ප්‍රේම සංකා මකා
මල් මල් ඕවිල්ලේ..පා කර මා ඇසිල්ලේ
පෙම්බස් තෙපලා හද මන් මත් කලා
කිංකිණි හඬින් මේ..මා හෘදේ තිගැස්සේ
නිල්වන් ගුවනේ යමුදෝ පාවීලා.
0 comments:
Post a Comment