Malahiru Kirana Pahawee Song Lyrics - මලහිරු කිරණ පහවී ගීතයේ පද පෙළ

Malahiru Kirana Pahawee Song Lyrics - මලහිරු කිරණ පහවී ගීතයේ පද පෙළ
Song Title : Malahiru Kirana Pahawee (මලහිරු කිරණ පහවී)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)


මලහිරු කිරණ පහවී සද කිරණ ගලා
ගංතෙර දිලෙයි සද එළියෙන් නහවා
තරු මල් කිනිති බැබැළෙයි ඇස් දෙක නටවා
හිමි ඔබ එනවාද ගංතෙර වෙත හනිකා

හෙමි හෙමින් මා වෙතට ළංවී පෙම් බස් කොදුරමින්
නුඹේ තොල් පෙති මගේ සවනත 
සියුම් කිතියක ගල්වමින්
මගේ කොපුලක නුඹේ කොපුලක්
වදින සේ නුඹ දොඩවමින්
හිදිනු මැන කුමරුවනි මා ළගම 
නුඹේ සිත  මා වෙත තියන්

නුඹේ හුස්මක ගැඹුරු පහසින්
මගේ සිත නුඹ ලගට අරන්
මිහිරි පෙම් ගී සවනතට කොදුරා
සියුම් කිතියක් නංවලා
සදේ කිරණින් නුඹේ උවනේ
රසභාව ලීලා දැක දැක
හිස තියා ඔබේ පපුවේ
සියලු දුක් ගී නිම කලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment