Song Title : Mal Muthu Da Me (මල් මුතු දා මේ)
ගායනය : විජය කුමාරතුංග
මල් මුතු දා මේ ගෙල සැරසූ සේ
අරුණෝදේ දකින්නේ
වනවිල් තීරේ පියුමී වාගේ
වසන්තියයි මාගේ //
නෙත් මල් පෙම් සිත්
ළං වුණ මොහොතේ
පායා සුදිලෙන්නේ //
මා හා එක් වූ සිසිලස් දහරේ
සඳ කුමරී ඔබ වේ
මල් මුතු දා මේ ගෙල සැරසූ සේ
අරුණෝදේ දකින්නේ
වනවිල් තීරේ පියුමී වාගේ
වසන්තියයි මාගේ
මිහිදුම් පිණි මල්
පිපි ගම්මානේ
සිහියෙන් නොමැකෙන්නේ //
වෙන් වී යන දා සසල නොවන්නේ
ඔබේ දෙනෙත් පමණී
මල් මුතු දා මේ ගෙල සැරසූ සේ
අරුණෝදේ දකින්නේ
වනවිල් තීරේ පියුමී වාගේ
වසන්තියයි මාගේ //
0 comments:
Post a Comment