Song Title : Maha Wassaka Pera Nimithi (මහවැස්සක පෙර නිමිති)
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය : සනත් නන්දසිරි
ගී පද : කේ.ඩී.කේ. ධර්මවරධන
මහවැස්සක පෙර නිමිති පෙනෙනවා..
කවුළුව අතරින් හිරිකඩ එනවා..
මල් පැණි වඩියක උණුසුම ලබනට..
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත..
කබාය ඉරිලා ඊට කමක් නෑ..
කවුරු බලන්නද කවුරු දකින්නද..
මා දැන් මහළු වියේ..
මා දැන් මහළු වියේ..
පාරට බැස්සම නොවැසීතල වැඩි
තනිකම ඊට වැඩියි..
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොදහැටි මතකයි..
මීවිතකින් ගත උණුසුම් වූවත්
සිත උණුසුම් වේදෝ..
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා..
මා ආපසු යනවා..
කබාය ඉරිලා ඊට කමක් නෑ..
කවුරු බලන්න ද කවුරු දකින්නද..
මා දැන් මහළු වියේ...
මා දැන් මහළු වියේ...
0 comments:
Post a Comment