Song Title : Kannalawuwa (කන්නලවුව)
Lyrics : ලිහිණි උමංගා
මහා තෙදැති කඳ සුරිඳු
දකින්නට තම අනියමේ පෙම
සැරසෙන්නේය උජාරුවෙන්
උඩ පහත දෙරටෙහිම
නැට්ටුවන් සමග
මහ පෙරහරින් ,,,,,,,,,,,,,
සැදැහැ සිතින්
පේ වෙයි අත්තම්මා
දැක බලා වැඳ පුදා
කියන්නට ඇගේ කන්නලවුව
කඳ සුරිඳු වෙත ,,,,,,,,,,,
කහ දියෙන් දොවමින්
පලතුරෙන් පලතුර බැතින්
සුදානම් කරයි පඬුරක්
සිතමින් සිතින් මේ ලෙස ,,,,,,
අහිංසක මගේ දියණිය
හැරදමා ගිය වෙනත් දීගෙක
කාලකන්නි බෑනා හට
දෙන්න සුරිඳුනි හොඳම දඬුවම
0 comments:
Post a Comment