Song Title : Kadulu Kathawe Nimak Dutuwa Da (කඳුළු කතාවේ නිමක් දුටුව දා)
ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය : සනත් නන්දසිරි
ගී පද : බුද්ධදාස ගලප්පත්ති
කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුනු දා..//
සතුටු ගඟක් ගැලුවා..
හදට හදක් බැඳුනා...
ආසිරි චාමර පවන් සැලී..
සෝ දුක් සංකා සෙමින් වැකී..//
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ..
අපේම ලොව අප තනිවූවේ..
කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුනු දා..//
සතුටු ගඟක් ගැලුවා..
හදට හදක් බැඳුනා...
සුසුමක පාකර හසුන් යවා..
දෙතැනක තනිවී හඬා දොඬා..//
ගෙවූ අතිතෙන් අප සමුගන්නෙමු..
අළුත් ලොවක රන් කිරුළු දරා..
කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුනු දා..//
සතුටු ගඟක් ගැලුවා..
හදට හදක් බැඳුනා...
0 comments:
Post a Comment