Jeewithaya Oben Dena Song Lyrics - ජීවිතය ඔබෙන් දැන ගීතයේ පද පෙළ

Jeewithaya Oben Dena Song Lyrics - ජීවිතය ඔබෙන් දැන ගීතයේ පද පෙළ
Song Title : Jeewithaya Oben Dena (ජීවිතය ඔබෙන් දැන)
ගායනය - දයාන් විතාරණ
පද රචනය - වසන්ත කුමාර කොබවක
සංගීතය - නවරත්න ගමගේ


ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි දයාබර

කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මිහිමත නැත
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක

සාගරය තුරුල්ලේ යාවි ගං දිය
විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
ස්නේහයක උපන් කවියක් කැට තලයක
ලියා තබමි නුඹ නමින් සදාතන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment