Jaya Sirima Hamuduruwane Song Lyrics - ජය සිරිමා හාමුදුරුවනේ ගීතයේ පද පෙළ

Jaya Sirima Hamuduruwane Song Lyrics - ජය සිරිමා හාමුදුරුවනේ ගීතයේ පද පෙළ
Song Title : Jaya Sirima Hamuduruwane (ජය සිරිමා හාමුදුරුවනේ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී ඇතුළු පිරිස
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : මහින්ද චන්ද්‍රසේකර


ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිණි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්ඩ තහංචිද
ජය සිරිමා හාමුදුරුවනේ

වැලි මළුවේ ඉඳ සාධු කියන කොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
ඉස්සර වාගෙම දාදිය මුහු වුණු
අපේ බාර පිළිගන්ඩ හොඳයි

ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)

රන් වැට පාමුල සාධු කියන කොට
ලෙන්ගතු කම් නොහිතන්ඩ හොඳයි
බුදු හාමුදුරුවෝ දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි

ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිණි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්ඩ තහංචිද
ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)

ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ) //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment