Song Title : Jaya Siri Maha Bodhi (ජය සිරි මහ බෝධි)
ගායනය : දයාරත්න රණතුංග
ජය සිරි මහ බෝධි
රන් වැලි සෑ ආදි
මිහින්තලය ඉසුරුමුණිය
අව්කණ සිරිපා ඉමේ
රන් රන් ගිරි දඹුලු ගලේ
සරණයි නිදහසට හෙලේ
අනුරපුරය පොළොන්නරුව
තිස්සමහාරාම නුවර
රුහුණු පිහිටි මායා රට
පවසයි නිදහස් උදාව
ජය සිරි මහ බෝධි
රන් වැලි සෑ ආදි
මිහින්තලය ඉසුරුමුණිය
අව්කණ සිරිපා ඉමේ
රන් රන් ගිරි දඹුලු ගලේ
සරණයි නිදහසට හෙලේ
මහවැලි කළු කැළණි නදී
වළවේ ගිං සිසිල දිදී
නිවහල් නව ගීත ගයයි
නවෝදයට අසිරි පතයි
ජය සිරි මහ බෝධි
රන් වැලි සෑ ආදි
මිහින්තලය ඉසුරුමුණිය
අව්කණ සිරිපා ඉමේ
රන් රන් ගිරි දඹුලු ගලේ
සරණයි නිදහසට හෙලේ
හැම ගහකම මල් පිපෙන්න
හැම තුරු වැල් පල දරන්න
තෙරුවන් සරණේ බලයෙන්
අප සිරි ලක රැක දේවා
අප සිරි ලක රැක දේවා
0 comments:
Post a Comment