🌿 සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් ලෙස බිම්මල් සැළකේ. මෙය ඈත අතීතයේ සිට ලොව පුරා ඉතා ජනප්‍රිය ආහාරයකි. පොළවෙන් මතු වූ මල් “බිම්මල්” ලෙස සැළකුවත් හැම බිම්මලක් ම පිපෙන්නේ පොළව උපස්ථරය කරගෙන නොවේ.කිරි සහිත ගස්වල ලී කොට, පිදුරු, ගස්වල අතුරිකිලි, දහයියා සමහර බිම්මල් හට ගන්නා උපස්ථරයි.
🌿 අපිට දේශීය වශයෙන් ආහාරයට ගත හැකි බිම්මල් ඉතා රාශියක් පවතී../• ඉඳලෝලු/• ලේන පහුරු (ලේන හතු)/• මහවැලි හතු/• හීන් වැලි හතු/• කොස් හතු/• පිදුරු හතු/• කුකුල් බඩවැල්/• වේ හතු/• ඌරු හතු/• සූකිරි හතු/• කොට හතු/• බෝල හතුඔන්න
🌿 අද අපි විශේෂයෙන් කතකරන්න යන්නේ මේ සැප්තැම්බර් සිට දෙසැම්බර් මාසය දක්වා වැසිකාලයේදී අකුණු ගැසීමත් සමඟ මහ පොළව අරක්ගන්නා දිව්‍ය බොජුන් පරදන “ඉඳලෝලු” බිම්මල් ගැන.මේ ඉඳලෝලු බිම්මල් මතක් කරන විට රසය දන්නා අයෙකුට නම් දැනටම රස නහර උත්තේජනය වී අවසන්.. බොහෝ කාන්තාවන් මෙම ඉඳලෝලු බිම්මල් සැකසීමට පුරුදු වී සිටින්නේ කුකුල් මස් කරියක් සාදන ආකාරයටයි.
🌿 මේ මොන විදිහකට හැදුවත් මෙම බිම්මල් වලද අනෙක් බොහෝ බිම්මල් වල මෙන්
⏩පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව
⏩ශරීරයේ ප්‍රතිශක්තිය දියුණු කිරීමේ හැකියාව
⏩කොලෙස්ටෙරෝල්
⏩අධිරුධිර පීඩනය
⏩හෘදයාබාධ වැළැක්වීමේ හැකියාව, ආදී බොහෝ ප්රතිලාභ වලින් යුක්තයි.
🌿 මෙම ඉඳලෝලු බිම්මල් අනෙක් බිම්මල් වලට වඩා සුවිශේෂී වන්නේ.. එහි ඇති දුර්ලභ බව නිසාත්, අවුරුද්දේ එක් කාලයකට පිපෙන නිසාත් විතරක් නෙවෙයි. මේ බිම්මල් හටගත් දවසේ සිට එය අපේ කෑම පිඟානට පැමිණීම දක්වා ඒ වෙනුවෙන්ම වෙන්වූ උපසංස්කෘතියක් ගැමියන් නිර්මාණය වී තිබීම නිසයි.
🌿 සාමාන්‍යයෙන් මෙම බිම්මල් හටගන්නා අවස්ථාවේ සිට කෑමට ගන්නා අවස්ථාව දක්වා එය බාහිර කිසිවෙකුට නොපැවසීම ඔවුන්ගේ පුරුද්දක්. ඒ වගේම මෙම බිම්මල් බහුලව හට ගන්නා කොස් මුල්, තුඹස් ආදී ප්‍රදේශයන් වල් නාශක, කෘමි නාශක ආදියෙන් ඈත්කර තැබීමත්, එම ප්‍රදේශ වෙනම ආවරණය කර තැබීමත් ඔවුන් විසින් සිදුකරනවා. ඉඳලෝලු බිම්මල් අස්වැන්න නෙලාගත් පසු මෙම ප්‍රදේශ අඟල් 3, 4 ක් පමණ උසට දිරගිය කොළ තට්ටු යොදා නැවත පස සරුකිරීම සමහර පුද්ගලයින් සිදුකරනවා. එක් වරක් ඉඳලෝලු බිම්මල් පිපුණු ස්ථානයක බොහෝවිට වසරක් පාසා නැවත බිම්මල් පිපීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.
🌿 සැප්තැම්බරයේ සිට දෙසැම්බරය දක්වා කාලය තුළදී අකුණු ගැසීමත් සමඟ මෙම බිම්මල් පොළවෙන් මතුවන බව බොහෝ දෙනා විශ්වාස කරනවා.මෙම බිම්මල් අස්වනු නෙලීමේදී කතා නොකර හැකි ඉක්මණින් අස්වනු නෙලීමත් (මෙම බිම්මල් වල ඉක්මණින්ම පණුවන් ඇති වේ.), එම අස්වනු නෙලීමට ආයුධ භාවිතා නොකිරීමත්, එම බිම්මල් ගෙදරට පැමිණෙන අමුත්තන්ට පමණක් පිළිගැන්වීමත් එම බිම්මල් උප සංස්කෘතියට අයත් ලක්ෂණයන් වෙනවා..
🌿 මෙම ඉඳලෝලු බිම්මල්, අනෙක් බිම්මල් වලට සාපේක්ෂව වැඩි මේද ප්‍රමාණයකින් යුක්ත වුවත්. එහි ගුණය සහ රසය අනෙක් සියලුම බිම්මල් පරදවනවා.
🌿 මෙම ඉඳලෝලු බිම්මල් තනිකම් දෝෂය බහුලව ඇතිකරන ආහාරයක් හැටියටත් පිළිගැනෙනවා. වැඩිපුර ඇති බිම්මල් ශීතකරණයේ ෆ්‍රීසර් කොටස තුළ දින කිහිපයක් කල්තබා භැකියි.
විශ්මිත හෙළ ඔසු
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment