🌿 උද්භිද විද්‍යාත්මක නාමය - Cyperus rotundus
🌿 👉කුලය - CYPERUS
🌿 👉වෙනත් නම් - සිංහල (වම්මුතු)දෙමල (කෝරෙයි)
🌿 ඉංග්‍රිසි (Nut gass)
🌿 පන් පවුලට අයත් තණකොළ සමාන වාර්ෂික පුෂ්පයකි.ගොවීන් හිසරදයක් ලෙස සලකන වර්ශාවත් සමග වේගයනේ වැඩනෙ කලාදුරු ඉතා වැදගත් ඔසුවකි.
✅ රූපාකාරය
🌿 සෙ.මි. 15-30 පමණ උසැති කුඩා පැළෑටියකි.
🌿 මෘදු නැමෙන සුළු,පටු හා දිගැටි පත්‍ර සහිතයි.
🌿 පත්‍ර නටුවලින් සැදී ව්‍යාජ කදක් පසනේ ඉහල දක්නට ලැබේ.
🌿 කද මතුපිටට ආසන්නව භූගතව පවතී.
🌿 භූගතව වැඩෙන ආහාර රැස් කල (ආකන්දී මුල්) මහත් වී ‘අල‘ සාදයි.
🌿 මල් ඉතා කුඩාය. ශුකීමය මල් කිනිත්තක් හට ගනී.
✅ ඖෂධ සදහා ගැනෙන කොටස්.
🌿 අල හා කොළ.
✅ ඖෂධීය ගුණ.
• අමාශයාන්ත්‍ර ක්‍රියා වැඩිදියුණු කරයි.
• වමන,අතීසාර වලට හොදයි.
• දහඩිය ඇතිකරයි.
• තනකිිරි වඩයි.
• පනුවන් නසයි.
• කෙස් වඩයි.
• තුවාල සුව කරයි.
• බඩගින්න වඩයි.
• අන්ත්‍ර ශක්තිමත් කරයි.
✅ අත් බෙහෙත්
➡ 🌿අතීසාරයට.
• අමු කලාදුරු අල අමු ඉගුරු සමග කොටා පානය කිරීම.
• කලාදුරු අල සහ ඉරිවේරිය වණ්ඩුවේ තම්බා බීම.
• කලාදුරු අල පමණක් ගෙන එළකිරි හා වතුර සමග කෂාය කර බීම.
➡️ 🌿තනකිරි අඩු කමට.
• කලාදුරු අල ඇල් ජලයෙන් අඹරා පියයුරුවල ගෑම.
➡️ 🌿ඇස් නගනයට.
• කලාදුරු අල සහ සියඹලා ඇට මද තනකිරෙන් අඹරා ගෑම.
➡️ 🌿තුවාල වලට.
• කලාදුරු අල ගිතෙලින් අඹරා තුවාලයපිට ගෑම.
➡️ 🌿කුරුළෑවලට.
• කලාදුරු අල ඇල් දියෙන් අඹරා ගෑම.
➡️ 🌿හිසරදයට.
• කලාදුරු අල ඇල්දියෙන් අඹරා නළලට පැලැස්තරය දැමීම.
✅ වගාව
🌿කලාදුරු පැළෑටියක් ලෙස සුලභව දක්නට ලැබෙන අතර වගාවක් ලෙස ශ්‍රී ලංකාව තුළ මෙතෙක් දක්නට නො ලැබේ .
බීජ මගින් රෝපණය කිරීමට අවශ්‍ය නම් මැයි අගෝස්තු මාසවලදී මෝර හා වියැළෙන ශුකි එකතු කරගන්න .
මුල් මඟින් නව කදෙන් ගෙන පැළ රෝපණය සඳහා යොදා ගන්නේ නම් වෙන්කර ගත් ආකන්දි මුල් හෝ ඒ සමගම ගලවා ගත් අනෙක් කොටස් යොදා ගන්න බීජ පැළ හෝ වර්ධක පැල බුරුල් පස ඇති ලෝම පසේ සිටුවීමෙන් වගාකල හැකිය.
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment