Handa Allanna Aasa Gamana Song Lyrics - හඳ අල්ලන්න ආස ගමන ගීතයේ පද පෙළ

Handa Allanna Aasa Gamana Song Lyrics - හඳ අල්ලන්න ආස ගමන ගීතයේ පද පෙළ
Song Title : Handa Allanna Aasa Gamana (හඳ අල්ලන්න ආස ගමන)
Artist : WAYO
Lyrics| Melody : Methun SK | @METHUN SK 
Music : WAYO
Mixing and Mastering: Vinod Melpitiya @ BrickHouse
Recording Engineer : Amala Mihiranga


කදුලු තිබුනාද මාවතේ
රුදුරු හන්දාම ජීවිතේ

වතුර හෙව්වාද හාමතේ
පැදුරු නැති රෑක නිදිමතේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ

දවසක පාවේදෝ අහසේ
හද අල්ලන් ආස ගමනේ

පුරන් වූ දාක ආදරේ
පුරන් වූවාද ජීවිතේ

පහස දැනුනාම තනිකමේ
දෙබස් ඇහුනාද හදවතේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ

දවසක පාවේදෝ අහසේ
හද අල්ලන් ආස ගමනේ

සතුට හෙව්වාට දස අතේ
කදුලු ආවාද හිතුමතේ

නොමැති වූ දාක කැමති දේ
අදුර ගත්තා ද හිත අපේ

අපි ආගිය පාරේ
එනවද නෑ පේන මානේ

දවසක පාවේදෝ අහසේ
හද අල්ලන් ආස ගමනේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ

දවසක පාවේදෝ අහසේ
හද අල්ලන් ආස ගමනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment