ගොබෙක්ලි ටෙපේ (Gobekli Tepe) 😍💐✍️😊🧝☀️🙇

ගොබෙක්ලි ටෙපේ (Gobekli Tepe) 😍💐✍️😊🧝☀️🙇 - Your Choice Way
අපි කවුරුත් දන්නා ශෛලමය ස්මාරකයක් තමයි ස්ටෝන් හෙන්ජ් කියන්නේ.(ඉදිරියට ඒ ගැනත් නොදත් තතු ලිපියක් කිරීමට බලාපොරොත්තු වෙනවා). එය මීට වසර 6000කට පමණ පෙර නිර්මාණය කළා කියලා තමයි විද්‍යාඥයන් කියන්නේ. ඒත් මෑත ඉතිහාසයේදි තුර්කියේ අරෆා නගරය ආසන්නයේ කැණීම් කරන පුරා විද්‍යාඥයන් කණ්ඩායමක් සොයාගෙන තියෙනවා අවුරුදු 12,000කටත් වඩා පැරණි යයි සැලකෙන ඉපැරණි සිද්ධස්ථානයක්. 💐

අති විශිෂ්ට ශෛලමය නිර්මාණයක් වන මේ සිද්ධස්ථානය විශාල ගල් ඉතාමත් සියුම් ආකාරයට කපා එකිනෙක මත අතුරලා තමයි හදල තියෙන්නෙ. කාබන් පරික්ෂාවක් කළ පුරාවිද්‍යාඥයන්  සොයාගෙන තියෙන්නෙ මේ විශිෂ්ඨ නිර්මාණය නිමවලා තියෙන්නෙ ක්‍රි.පූ 9600 - 7300 වගේ කාලයක කියලයි. ඔවුන් කියන ආකාරයට මෙම නිර්මාණය  පුදුමයට කාරණාවක්ලු හේතුව වන්නේ මේ කාලයෙදි මානව ශිෂ්ටාචාරය ආයුධ පරිහරණය කරන තරමට දියුණු තත්වයක තිබුණු නැති එක.💗

නමුත් මම හැමදාමත් මගේ ලිපි වල පළ කරන කාරණාවක් තමයි වර්තමානයේ පමණයි දියුණු තාක්ෂණයක් තිබ්බේ කියලා අපි හිතන්න ඕනෙද, එය කොයි තරම් සාධාරණද කියන එක?  මොකද මගෙ අනිත් ලිපි හා සම්බන්ධ වුණා නම් තේරෙනවා අදටත් අභිරහස් වලින් සැඟවුණු බොහෝ නිර්මාණය තියෙනවා අඩුම තරමේ ඒ දේවල් නිර්මාණය කලේ ඇ‍යි කියලවත් අපේ බුද්ධියට නොතේරෙන. ඒවා ඔයාලගෙ විමසුමට භාරයි. 🙇

ඉතින් ජර්මානු පුරාවිද්‍යා සංගමය කියන විදිහට මේ නිර්මාණය විවිධ පුදපූජා සදහා භාවිත කරපු සිද්ධස්ථාන සංකීර්ණයක්. 

ගොබෙක්ලි ටෙපේ රවුමක ඉදිකර ඇති විශාල ටී හැඩැති කුළුණු වලින් සමන්විත වෙනවා. සෑම කුළුණක්ම අඩි 20 ක් පමණ උස, ටොන් 10 ට වඩා බරින් යුක්ත වන අතර ඒවා මත ඇතැම් සතුන්ගේ රූප නිරූපණය කර තියෙනවා.☀️

කුරුල්ලන්, සර්පයන්, හිවලුන් වැනි සත්ව නිරූපණයන් මෙහි ඇති අතර මෙම මූර්ති නියෝජනය කරන්නේ කුමක් ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි අදහසක් පුරාවිද්‍යාඥයන් විසින් දකවා නැහැ. 🧝

මේ වගේ සැගවී ගිය ශිෂ්ටාචාර සතුව කොතරම් දියුණු තාක්ෂණයක් තිබෙන්නට ඇත්ද? හැමදාමත් මට හැඟෙන අදහස නම් එයයි. ඔයාලත් ඔයාලගෙ අදහස නොදත් තතු - Nodath Thathu facebook පිටුවේ මෙම ලිපියට යටින් comment කරන්න. 🤩 

නොදත් තතු...තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි ✍️ 

ගොබෙක්ලි ටෙපේ (Gobekli Tepe) 😍💐✍️😊🧝☀️🙇 - Your Choice Way

ගොබෙක්ලි ටෙපේ (Gobekli Tepe) 😍💐✍️😊🧝☀️🙇 - Your Choice Way

ගොබෙක්ලි ටෙපේ (Gobekli Tepe) 😍💐✍️😊🧝☀️🙇 - Your Choice Way

ගොබෙක්ලි ටෙපේ (Gobekli Tepe) 😍💐✍️😊🧝☀️🙇 - Your Choice Way

ගොබෙක්ලි ටෙපේ (Gobekli Tepe) 😍💐✍️😊🧝☀️🙇 - Your Choice Way

ගොබෙක්ලි ටෙපේ (Gobekli Tepe) 😍💐✍️😊🧝☀️🙇 - Your Choice Way

ගොබෙක්ලි ටෙපේ (Gobekli Tepe) 😍💐✍️😊🧝☀️🙇 - Your Choice Way

ගොබෙක්ලි ටෙපේ (Gobekli Tepe) 😍💐✍️😊🧝☀️🙇 - Your Choice Way

ගොබෙක්ලි ටෙපේ (Gobekli Tepe) 😍💐✍️😊🧝☀️🙇 - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment