ඥානකතා හදමු (Gnanakatha Hadamu)

ඥානකතා හදමු (Gnanakatha Hadamu) - Your Choice Way
තේ වෙලාවට කන්න හැදුවා  රස කැමක් . ඥානකතා. ගොඩාක් අය හදන්න දන්නවා වුනාට මම හදපු හැටි කියන්නම් .

✅ අවශ්‍ය දේවල් :

  • පාන් පිටි  250g
  • සීනි   120g
  • බිත්තර 1
  • බටර්  50g
  • බේකින් පවුඩර් තේ හැඳි 1 
  • වැනිලා තේ හැඳි 1 
  • උඩින් තැවරීමට සීනි ටිකක් 
  • වතුර 

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයකට බටර් දමා බීට් කරන්න . 
  2. එයට සීනි ටික දමා නැවත බීට් කරන්න ටිකක් වෙලා . 
  3. දැන් බිත්තර 1 එකතු කර බීට් කරන්න ක්‍රීම් වනතුරු . 
  4. වැනිලා එකතු කර ටිකක් බීට් කරන්න . 
  5. පාන් පිටි එකට බේකින් පවුඩර් තේ හැඳි 1 එකතු කර පෙනේරයකින් හලා ගන්න . 
  6. මෙය කලින් සාදා ගත් මිශ්‍රණයට ටික ටික එකතු කරන්න . 
  7. ඩෝ එක බෝලයක් වගේ එනතුරු හොදින් අනා ගන්න . 
  8. දැන් එය සමාන කොටස් 8කට වෙන් කර බෝල සාදා ගන්න . 
  9. එක එක බෝල ගෙන ඥානකතා හැඩයට සාදා එක පැත්තක වතුර ගා සීනි වල තවරන්න . 
  10. අවසානෙට බටර් ගාගත් හෝ තෙල් කඩදාසියක් එලු ට්‍රේ එහෙක අසුරා 170ට විනාඩි 10 pre heat වු oven එකේ විනාඩි 20 ක් බේක් කරන්න .

Dhammika Panangala
ඥානකතා හදමු (Gnanakatha Hadamu) - Your Choice Way

ඥානකතා හදමු (Gnanakatha Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment