තේ වෙලාවට කන්න හැදුවා රස කැමක් . ඥානකතා. ගොඩාක් අය හදන්න දන්නවා වුනාට මම හදපු හැටි කියන්නම් .
✅ අවශ්‍ය දේවල් :
- පාන් පිටි 250g
- සීනි 120g
- බිත්තර 1
- බටර් 50g
- බේකින් පවුඩර් තේ හැඳි 1
- වැනිලා තේ හැඳි 1
- උඩින් තැවරීමට සීනි ටිකක්
- වතුර
✅ සාදා ගන්නා ආකාරය :
- භාජනයකට බටර් දමා බීට් කරන්න .
- එයට සීනි ටික දමා නැවත බීට් කරන්න ටිකක් වෙලා .
- දැන් බිත්තර 1 එකතු කර බීට් කරන්න ක්‍රීම් වනතුරු .
- වැනිලා එකතු කර ටිකක් බීට් කරන්න .
- පාන් පිටි එකට බේකින් පවුඩර් තේ හැඳි 1 එකතු කර පෙනේරයකින් හලා ගන්න .
- මෙය කලින් සාදා ගත් මිශ්‍රණයට ටික ටික එකතු කරන්න .
- ඩෝ එක බෝලයක් වගේ එනතුරු හොදින් අනා ගන්න .
- දැන් එය සමාන කොටස් 8කට වෙන් කර බෝල සාදා ගන්න .
- එක එක බෝල ගෙන ඥානකතා හැඩයට සාදා එක පැත්තක වතුර ගා සීනි වල තවරන්න .
- අවසානෙට බටර් ගාගත් හෝ තෙල් කඩදාසියක් එලු ට්‍රේ එහෙක අසුරා 170ට විනාඩි 10 pre heat වු oven එකේ විනාඩි 20 ක් බේක් කරන්න .
Dhammika Panangala
0 comments:
Post a Comment