මෙක වෙලා දැන් අව්රුදු 10ක් වගේ වෙනව.අපේ පාරට පල්ලෙ ගෙදරක් තිබුන.ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි විතරයි ඒ ගෙදර හිටියෙ.මම පොඩි කාලෙ ඉදන් ඒ දෙන්නව අදුරනව.එයාලගෙ ලමයි ගැන නම් මම අදටත් විස්තර දන්නෙ නැ.එයාල ඈතක පදිංචියට ගිහින්.මෙයාල එක්ක ගමේ අය එච්චර හොද නැ.මම ඒක දැන ගත්තෙ පස්සෙ.ඒත් අපේ තාත්ත අම්ම එයාලට කතා කරල හිටිය ඉස්සර ඉදන්ම.විස්තර වැඩි උනාද මන්ද.
දවසක් ඒ සීය ගෙදර තනියම ඉන්න වෙලාවක බ්ලේඩ් එක්කින් බෙල්ල කපාගෙන.ඉස්පිරිතාලෙට අරන් ගිය නිසා බේරුන.එයාව ගෙදර එක්කන් ආව.ඒත් ගමේ කිසි කෙනෙක් බැලුවෙ නැ.ඒ ආච්චිටත් සීය ගැන ගානක් නැ.බෙල්ල කපාගෙන තියෙන්නෙත් එයා ගැන කිසි කෙනෙක් බලන් නැති නිසාලු.කොහොම හරි එයා මැරුනෙ නෑනෙ.හැබැයි කිසිම දෙයක් කන්න බැ.උගුරෙන් පල්ලට යන්නෙ නැ.ඇත්තටම එයාව දැක්කම මම බය උනා.බෙල්ල කැපිල තියෙන විදිහට.
කොහොම හරි ටික කාලයක් කැ,සුප් එහෙම බීල හිටිය.තත්වෙ අව්ල් වේගෙන එද්දි අපේ තාත්ත ආච්චිගෙන් ඇහුව ඒ සීයව පේරාදෙණියෙ හොදම ඩොකෙක්ට පෙන්නන්න එක්ක යන්නද කියල.එයා කැමති උනෙ නැ.දවසක් උදේ ආරංචි උනා සීය මැරුන කියල.සීයගෙ නංගි කෙනෙක් ඒ දවස් වල එහෙ හිටිය.එයාට ඇහුනලු පණ යනව.ඒත් උදේ වෙනකම් බලල නැ.සීය මැරුන විතරයි ආච්චි ගියා එයාගෙ ලමයි ලගට.ආයෙ ආවෙ හත් දවසෙ දානෙට.ගේ තනි කරපු නිසාද මන්ද ගමේ කතාවක් ගියා සීය එකෙ හොල්මන් කරනව කියල.පස්සෙ ගේ කැලෑ වැදුන.පාර ලගම නිසා ටික කාලෙකින් මිනිහෙක් ඒ ගෙදර එක කෑල්ලක් කුලියට ගත්ත කඩයක් කරන්න.
ඒ මනුස්සය ගමට අලුත්. ඔය සීන් පොර දන් නැ.ඇවිත් සතියක් යන්න කලින් ගමේ අයට කියල ඒකෙ ඉන්න බැ ගෙදර ඇතුලෙන් සද්ද ඇහෙනව කියල.මට ලාවට මතකයි අපේ තාත්ත එක්ක කීව ඉන්න බැ මහත්තයෝ කබඩ් අරින වහන සද්ද ඇවිදින සද්ද කහින සද්ද එහෙම ඇහෙනව කියල.පස්සෙ ඒ මනුස්සය වෙනම තැනක් හදන් ගියා.ආයෙ ගේ කැලෑ වැදුන.මාස ගානකින් පව්ලක් ආව ආයෙත්.ගෙදර සුද්ද කරල ගත්ත.කිසිම අව්ලක් නැ.හැබැයි එයාලට ප්‍රශ්න ඉවරයක් නෑලු.කිසිම සෙතක් නෑලු.එයාල ගියා.එහෙම පව්ල් 3ක් විතර ඇවිත් ගියා.
පස්සෙ අන්තිමට අපේ ගමේම පව්ලක් මේ ගෙදර හෙන අඩුවට ගත්ත.හොල්මන් කේස් නිසා වටිනාකම අඩු වෙලා තිබුනෙ.එයාල ආව ගමන් මුලු ගමටම කියල හාමුදුරුවරු වඩම්මවල ලොකු පිරිතක් කියල දානයක් කීව.ගමේ හැමෝම එදා ආව.ඇන්ටි කෙනෙක් කීව පලවෙනි වතාවට ඒ ගෙදර ඇතුලට ගියෙ කියල.දැන් අව්ලක් නැ.ඒ ආච්චි අදටත් ඉන්නව.බුදු සරණයි
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment