අප්‍රිකාවේ සහරා කාන්තාරය අපි කවුරුත් දන්නා නමක්. එය පිළබඳ කියැවෙන කතා බොහෝමයක් ඇති අතරම “සහරාවේ ඇස” ගැන ඔයලා වැඩි විස්තරයක් අහලා නැතුව ඇති කියලා හිතනවා. අද කතාවට විෂය වෙන්නේ මේ “සහරාවේ ඇස” නැත්නම් “රිචැට් ව්‍යුහය” සහ එහි ඇති සුවිශේෂ සහ අද්භූත භූ ලක්ෂණ පිළිබඳයි. සහරාවේ ඇස පිහිටා තියෙන්නේ සහරා කාන්තාරයේ, "මොරිටානියා" රාජ්‍යයේ මධ්‍යම පෙදෙසට වන්නට ඇති "අවුඩනේ" (Ouadane) නැමැති කුඩා නගරයට ආසන්නයේ. කිලෝමීටර් 40ක විතර විශ්කම්භයක් ඇති “සහරාවේ ඇස” අඩු වැඩි වශයෙන් වෘත්තාකාර හැඩයක් ගන්නා භූ ලක්ෂණයකි. කිලෝ මීටර 40 විෂ්කම්භයකට යටත් සරියක් යනු සුළු කොට සැලකිය හැකි පෙදෙසක් නොවේ. 💐
කොහොම උනත් සහරාවේ ඇස ළඟටම ගිහිල්ලා රිචැට් ව්‍යුහයේ (සහරාවේ ඇස) හැඩතල සහ අවශේෂ ලක්ෂණ දැක බලාගන්නට නම් බැහැ. මොකද රිචැට් ව්‍යුහය දකින්න පුළුවන් වෙන්නේ උඩ ගුවනේදී. ගුවනේදී කියලා කිව්වට, ඇත්තටම එය හොඳින්ම සහ හරියටම දැකගන්නට ලැබෙන්නේ අභ්‍යාවකාශයේදී ම පමණයි. අභ්‍යාවකාශයට ඉතා හොඳින් දර්ශනය වන නිසා රිචැට් ව්‍යුහය වඩාත් දන්න අය සහ දකින අය වෙන්නේ අභ්‍යාවකාශගාමීන්. මිනිසා අභ්‍යාවකාශයට පිවිසි මුල් අවධිවල සිටම මේ කියන භූ ව්‍යූහය ඔහුගේ ඇස ගැටී තිබෙන බවට වාර්තාවල තොරතුරු පළ වෙලා තිබෙන අතර එනිසා අභ්‍යාවකාශගාමීන් මෙය මඟ සලකුණක් හැටියටත් සලකලා තියෙනවා. මේ අද්භූත, විශාල භූ ලක්ෂණය ගැන පළමුවෙන්ම තොරතුරු අනාවරණය වී ඇත්තේත් අභ්‍යාවකාශගාමීන් මඟින් බවයි කියන්නේ.😍
චන්ද්‍රිකා තාක්ෂණය දියුණු වත්ම චන්ද්‍රිකා ආධාරයෙන් සහරාවේ ඇසෙහි විස්තරාත්මක ඡායාරූප ලබා ගැනීමට හැකි වී තිබෙනවා. එම ඡායාරූප වලට අනුව සහරාවේ ඇස ඉතා අලංකාර වන අතරම නිල් සහ සුදු පැහැ පාෂාණවලින් නිර්මිත ව්‍යුහයක්. එමෙන්ම දුඹුරු සහ කොළ පැහැයන් හා නිල් සහ සුදු පැහැයන් අතර මිශ්‍ර වී තිබෙනවා. දුඹුරු පැහැයෙන් යටි පාෂාණ ස්ථරයත් සුදු සහ සුදු වර්ණයට සමීප කහ වර්ණයන්ගෙන් වැලි කඳු හැටියට පවතින වැලි තලාවත් දිස් වෙනවා. එවැනි වැලි කඳු බහුල ලෙස තිබෙන්නේ රිචැට් ව්‍යුහයේ දක්ෂිණ ප්‍රදේශවලට වන්නටයි. නිල් වර්ණයෙන් දිස් වන්නේ අවසාදිත පාෂාණ යැයි කියා හඳුනාගෙන තිබෙන අතර කොළ පැහැය සහිත ප්‍රදේශ, ගස් සහ පඳුරු සහිත පෙදෙස් බව අනාවරණය වී ඇත. කොහොම වුණත් කාන්තාරයේ ගස් හිඟ නිසා රිචැට් ව්‍යුහය ආසන්නයේ කොළ වර්ණය දකින්නට ලැබෙන්නේ ඉතා සීමිත සියුම් තිත් වශයෙන්.🙇
රිචැට් ව්‍යුහයේ චන්ද්‍රිකා ඡායාරූපයක් දෙස විමසිල්ලෙන් බැලුවහොත් ඒ ආසන්නයේ ගංගා වැනි භූ ලක්ෂණ තිබෙන බව පෙනෙනවා. ඇත්තටම ඒවා දිය පිරූ අගල් වැනි තැන් මිස ගංඟාවක් හැටියට අර්ථ දක්වන භූ ලක්ෂණ නොවේ. එවැනි දිය අගල් හැරුණුවිට තාවකාලික විල් ද සහරාවේ ඇස වටා තියෙනවා. විල් මෙන්ම කලින් සඳහන් කළ ගංඟා හා සමාන භූ ලක්ෂණ දියෙන් පිරෙන්නේ වැසි කාලවලදී පමණි. වැසි සමය අවසන් වී සති කිහිපයක් ගෙවී යෑමත් සමඟම ඒවායේ ජලය සිඳී යන අතර එනිසා එකී භූ ලක්ෂණ වසරෙන් සෑහෙන කාලයක් පවතින්නේ වියළි තත්ත්වයෙන් බවයි විද්‍යඥයෝ පවසන්නේ.😊
රිචැට් ව්‍යුහය මේ මහ පොළොව මත කොහොම නිර්මාණය වුණාද යන ගැටලුව විද්‍යාඥයන්ට අදටත් විසඳා ගන්නට බැරිව තියෙනවා. උල්කාපාතයක බලපෑමකින් ඇතිවුණු තත්ත්වයක් හැටියට රිචැට් ව්‍යුහය ඇතිවී යැයි කියා සමහර විද්‍යාඥයෝ කාලයක් ප්‍රකාශ කළ අතර තවත් විද්‍යාඥයන් පිරිසක් කියා සිටියේ ආග්නේය පාෂාණවල බලපෑමක් නිසා හෝ ගිනිකඳු පිපිරීමක් නිසා හෝ මෙවැනි භූ ව්‍යුහයක් ඇති වූවා කියා. මෙම මත සියල්ල බිඳ වැටී නව මතය ඉදිරිපත් කළ විද්වතුන් පෙන්වා දුන්නේ භූ කම්පනයක් නිසා ඇතිවුණු පාෂාණමය ව්‍යුහයක් දිගින් දිගටම සුළඟ සහ ජලය යන සාධක හේතුවෙන් පාංශු ඛාදනයට ලක්වීම නිසා රිචැට් ව්‍යුහය ඇති වුණු බවකි. 🧝
ඒ වගේම රිචැට් ව්‍යුහය සම්බන්ධයෙන් සාමාන්‍යය ජනයා අතර ඇති මතයත් වැදගත් වන අතරම ඇතැම් පිරිස් සඳහන් කරන ආකාරයට රිචැට් ව්‍යුහය පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක්. ඔවුන් කියන්නේ සහරා කතරේ මෙවැනි ව්‍යුහයක් සකසන්නට පෙළඹී තිබෙන්නේ සීබා නැමැති ග්‍රහලෝකයට (Planet Zeeba) අයත් ජීවීන් පිරිසක් බවයි. සීබා නමින් හැඳින්වෙන ග්‍රහලෝකය කොයි වගේ එකක්ද? එය පිහිටියේ කොහිද? ඔවුන්ට සහරාවේ ඇස නිර්මාණය කර ලැබෙන ලාභය මොකද්ද ? මේ දේවල් නම් ඇත්තටම තාමත් අභිරහසක්.☀️
පහත පිංතූර සමඟ තවත් විස්තර ඇතුළත් කරලා තියෙනවා 😍💐
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි ✍️
නොදත් තතු - Nodath Thathu
![]() |
උඩු ගුවනේ තවත් දර්ශන 😍💐 |
![]() |
වැසි ලැබුණු විට 😍💐 |
![]() |
වැසි නොමැති කාලයේදී සහරාවේ ඇසෙහි වියළි තත්වය 🧝💐 |
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment