Song Title : Duras Wannata Me Lesin (දුරස් වන්නට මේ ලෙසින්)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : ආචාර්ය දයාරත්න රණතුංග
දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ..
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ...//
අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද...//
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුන ඒ කාලය මතකද...
දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ..
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ...//
අනාගතේ ගැන අහස් මාළිඟා
අප දෙන්නා මැවූ කාලය මතකද...//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලඟින් උන් කාලය මතකද...
0 comments:
Post a Comment