Dolos Mahak Gathawee Yana Mohothe Song Lyrics - දොළොස් මහක් ගතවී යන මොහොතේ ගීතයේ පද පෙළ

Dolos Mahak Gathawee Yana Mohothe Song Lyrics - දොළොස් මහක් ගතවී යන මොහොතේ ගීතයේ පද පෙළ
Song Title : Dolos Mahak Gathawee Yana Mohothe (දොළොස් මහක් ගතවී යන මොහොතේ)
ගායනය : රෝහණ බැද්දගේ, බන්ධුල විජේවීර
සංගීතය : රෝහණ බැද්දගේ
ගී පද : රෝහණ බැද්දගේ


දොළොස් මහක් ගතවී යන මොහොතේ
අන්තිම දවසේ මැදියම් රෑ
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා

අවුරුද්දක් තිස්සේ කළ කී දේ
මතක් වෙනකොටත් සමහර එව්වට
මටම හිනා මස්සිනේ
අවුරුද්දක් තිස්සේ කල කී දේ
මතක් වෙන කොටත් සමහර එව්වට
මට ඇඬෙනව මස්සිනේ
උඹ අඬන්ටෙපා මස්සිනේ
අඬන එකා දැන හිනැහෙන්ටෙපා මස්සිනේ
උඹ අඬන්ටෙපා මස්සිනේ
අඬන එකා දැන හිනැහෙන්ටෙපා මස්සිනේ

දොලොස් මහක් ගතවී යන මොහොතේ...

හපන්කමක් ඇති අලුත නැගී එන
කෙනෙක් දුටුවොතින් හිත සන්තෝසෙන්
අත දීපන් මස්සිනේ
අලුත් කෙනෙක් දුටුවොතින් මමත් හරි ආසයි
ඒත් ඔය කපන්න බැරි අත
ඉබින්ටෙපා මස්සිනේ
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා

දොලොස් මහක් ගතවී යන මොහොතේ...

පොළෙන් පොළට ගිය පොල් වෙළඳාමෙන්
යාන්තමට වගෙ ජාම් බෙරුණා
ඒත් මදැයි මස්සිනේ
ගොනා පිටේ හකුරුත් පටවාලා
වක්කඩේ හකුරු හංගා තියලා
හනේ වෙච්චි දේ මස්සිනේ
දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ
දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ

දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment