Dewadara Gas Atharin Song Lyrics - දේවදාර ගස් අතරින් ගීතයේ පද පෙළ

Dewadara Gas Atharin Song Lyrics - දේවදාර ගස් අතරින් ගීතයේ පද පෙළ
Song Title : Dewadara Gas Atharin (දේවදාර ගස් අතරින්)
ගායනය : විජය කුමාරතුංග
සංගීතය : නිමල් ගුණසේකර
ගී පද : ආනන්ද පද්මසිරි


දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ
මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ //

පුංචි දැරියක් වාගේ මා සුරතේ දැවටීලා
ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා
ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා

දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ
මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ

මියුරු සරින් ඇය මා හා තෙපලූ ඒ ප්‍රාර්ථනා
සුළගේ පාවී ගිය දා මා තනි වූවා
සුළගේ පාවී ගිය දා මා තනි වූවා

දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ
මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment