Song Title : Daiwaye Saradamin (දෛවයේ සරදමින්)
ගායනය : සමිතා මුදුන්කොටුව සමග අතුල අධිකාරි
පද : සජිත් වී. චතුරංග
තනුව : රදීෂ් වැන්දබෝනා
දෛවයේ සරදමින්
වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගතවුණත්
ළංවෙන්න බෑ යළිත්
හුරුපුරුදු තනිකමෙන්
හිත පෙඟිල සත්තකින්
වැරැද්දක් වුණා නම්
සමාවෙනවද මගෙන්
සමාවෙනවද මගෙන්
හමුවන්න බැරි ලෙසම දුරකට වුණත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්
හමුවන්න බැරි ලෙසම දුරකට වුණත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්
දැන උන්නා නම් විඳවන තරම්
සමුගන්නෙ නෑ මගෙ රත්තරන්
මියැදෙන්න පෙර ආයෙ මුණගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගෙ යම්තම් හොරෙන්
මියැදෙන්න පෙර ආයෙ මුණගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගෙ යම්තම් හොරෙන්
දැන උන්නා නම් විඳවන තරම්
සමුගන්නෙ නෑ මගෙ රත්තරන්
දෛවයේ සරදමෙන්
වෙන්වෙලා ගියෙ අපෙන්
බොහෝ කල් ගතවුණත්
ළංවෙන්න බෑ යළිත්
හුරුපුරුදු තනිකමෙන්
හිත පෙඟෙන සත්තකින්
වැරැද්දක් වුණා නම්
සමාවෙන්නද මගෙන්
සමාවෙන්නද මගෙන්
0 comments:
Post a Comment