**ඉතිහාසය**
බොන්සායි කලාවේ ඉතිහාසය. පුරාන උද්යාන විදායාත්මක භාවිතාවක් වන බොන්සායි ජපන් වචනයක් උවද මෙම කුරු ගස් වැවීමෙ කලාවට මුල් අත් පොත් තබන්නෙ චීනය. ජපන් හෝ චීන සම්ප්‍රදායක් වන පෙන්සායි කලාව පෙන්ජිං සහ වියට්නාමයේ හොන් නොන් බී හි කුඩා ජීවන භූ දර්ශන ඇතුළු වෙනත් සංස්කෘතීන්වල ද මෙවැනිම භාවිතයන් පවතී.
ක්‍රි.ව. 8 වන සියවසේදී චීනයේ වංශවතුන් ගේ විනෝදාංශයක් වුන “පෙන්ජිං” කලාව. එහිදී ඔවුන් කුඩා මැටි බඳුන් වල කුඩා ප්‍රමානයේ ශාක වගා කළා. මේ කාලයේදී ජපානය සහ චීනය අතර නිරන්තර සබඳතා පැවතුනු අතර, චීන සංස්කෘතිය ජපානයට ගලා ආවා. පෙන්ජිං කලාවත් මේ වගේ ආපු එක අංගයක්
" කප්පාදු කිරීම හා පුහුණුව පිළිබඳ නිශ්චිත මූලධර්ම අනුගමනය කරමින් නොගැඹුරු බහාලුම්වල වගා කරන ලද ශාක. වඩාත්ම සීමිත අර්ථයෙන්, “බොන්සායි” යන්නෙන් අදහස් වෙයි."
ජපන් සම්ප්‍රදාය අවුරුදු දහසකටත් වඩා පැරණි ය. මෙම පෙන්සායී කලාව සහ බොන්සායි කලාව ස්වාභාවික ශාක යොදා ගනිමින් කරන මෙම කලාවන් අතර අසමානතා පෙන්නුම් කරයි. පෙන්සායී යනු පාෂාන, ගස්, කුඩා පඳුරු යොදා ගනිමින් කරන ක්ශුද්‍ර කැලයක සංයෝජන ආකෘතියක් පෙන්නුම්කරයි. බොන්සායි ජපන් පිරුළු පදයකි. කප්පාදු කිරීම හා පුහුණුව පිළිබඳ නිශ්චිත මූලධර්ම අනුගමනය කරමින් නොගැඹුරු බහාලුම්වල වගා කරන ලද ශාක. වඩාත්ම සීමිත අර්ථයෙන්, “බොන්සායි” යන්නෙන් අදහස් වෙයි. ජපන් සම්ප්‍රදායට හා මූලධර්මවලට අනුකූලව කුඩා, බහාලුම් වල වැඩෙන ශාක සරලවම හරියට කුරු මිනිසෙක් තුල වැඩුන මිනිසෙකුගේ ලක්ෂණ මතුවී පෙනීම හා සමාන වේ.
මුල් වරට බොන්සයි ගස් ජපන් සිතුවම් වල නිරූපනය කෙරෙන්නේ 11 වැනි සියවසේ දී. නමුත් මේවා හැඳින්වුනේ “බොන්සයි” කියල නෙවෙයි, “හචි නො කි” කියලා. හචි නො කි කියන ජපන් යෙදුමේ තේරුම “කෝප්පයක හිටවපු ගහ” කියන එක. මේ සමයේදී හචි නො කි කලාව සඳහා බහුලව භාවිතා වුනේ බත් කෑමට පාවිච්චි කරන කෝප්ප වල හැඩය ගත් බඳුන් වලයි.. කුරු ගස් කලාව බොන්සයි කියලා හඳුන්වන්න පටන් ගත්තේ 18 වන සියවසේ තරම් ඉඳලා…මේ වෙනකොට ජපන් බොන්සයි කලාව චීන පෙන්ජිං කලාවෙන් සෑහෙන තරම් වෙනස් වෙලා ජපන් මුහුණුවරක් අරගෙන. ප්‍රධානම වෙනස වුනේ කෝප්ප හැඩය ගත් බඳුන් වෙනුවට පැතලි නොගැඹුරු තැටි හැඩයේ බඳුන් භාවිතා කිරීමයි. ඊට අමතරව ජපන් බොන්සයි කලාකරුවන් චීන සම්ප්‍රදායෙන් බැහැර වෙලා තමාගේ ගස් වලට වඩාත් සොබාවිකත්වයට නැඹුරු පෙනුමක් දෙන්න උත්සහ කළා. ඒ වගේම විසිතුරු ලෙස සැකසූ චීන බඳුන් වලට වඩා චාම් බඳුන් භාවිතා කරන්න පෙළඹුනා.
18 වෙනි සියවසේ අවසානය වෙද්දි බොන්සයි කලාව සාමාන්‍යය ජනතාව අතර ව්‍යාප්ත වෙලා අවසන්. 1780 දී පමණ කියෝතෝ නගරයේ වාර්‍ෂික බොන්සයි ප්‍රදර්ශනයක් පවා පැවැත්වෙන්න පටන් ගත්තා. ජපානයේ සෑම ප්‍රදේශයකින්ම බොන්සයි ගස් මේ සඳහා ඉදිරිපත් කෙරුනා.
“සෙන්” බෞද්ධ හික්ෂුන් වහන්සේලා විසින්. එලිමහන් පන්සල් සදහා මෙම කලාව යොදාගෙන ඇති බව ඉතිහාසයෙ සඳහන් වනවා..මෙම ශාකය වාසනාව සහ සාමය ගෙන දෙන බවට ජපන් ජනයා තුල විස්වාසයක් ඇත..ජපානය පුරා ව්‍යාප්ත වන මෙය පසු කාලීනව සංස්කෘතික මුහුණවරක් ලැබුනු මෙම කලාව ජපන් කන්තාවෝ තම විවාහයෙදි මෙම කුරු ගසක් තම ස්වමිපුරුෂයාට ලබාදීම සහ පාරම්පරාවෙන්,පරම්පරාවට මෙම බොන්සායි ගස් ලබාදීමට ජපන් ජනයා තුල කටයුතු සිදුවුනා.කරාතේ ක්‍රීඩකයන්ගේ සංයමය,ඉවසීම ප්‍රගුන කිරීමටද මෙම කලාව භාවිතාවට ගත් බව පොත පත ශාක්ෂි දරයි..ජපානය හරහා ලෝකය පුරා ව්‍යාප්තිය සිදු වන මෙහි වානිජමය මට්ටම සලකා බැලුවොත් කලාවන් අතර ඉහලම පුරුක් වල වැජඹෙන්නට බොන්සායි වලට හැකියාව ලැබී ඇත්තෙ එහි ඇති ඉහල වටිනාකමයි..
සටහන අයිතිය ® රොෂාන්✍️
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment