බිස්කට් පුඩිම් හදමු (බිස්කට් පුඩින් - Biscuit Pudding Hadamu )

✅ අවශ්‍ය ද්‍රව්‍ය : චොකලට් බිස්කට් 300g (තමන් කැමති ඔනෑම බිස්කට් වර්ගයක් ගන්න) මාරි බිස්කට් පැකට් එකක් කිරි කෝප්ප 3

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • චොකලට් බිස්කට් 300g (තමන් කැමති ඔනෑම බිස්කට් වර්ගයක් ගන්න)
  • මාරි බිස්කට් පැකට් එකක්
  • කිරි කෝප්ප 3 (Fresh Milk)

✅ සාදන ක්‍රමය :

  1. මුලින්ම චොකලට් බිස්කට් වල ක්‍රීම් ටික වෙනම බාජනයකට දාගන්න.(ඒ ටික වීසි කරන්න එපා.. සිරප් එකට ඕනේ)
  2. ඉන්පසුව  ක්‍රීම් ටික ඉවත් කළ බිස්කට් ටික හා මාරි බිස්කට් ටික කුඩා කැබලි වලට කඩාගෙන බාජනයකට දමා ගන්න.
  3. දැන් අර කලින් ඉවත් කරගත් ක්‍රීම් ටිකට කිරි කෝප්ප 1ක් ටික ටික දමමින් හොදින් දිය කර ගන්න...
  4. ඉන්පසු වෙනත් බාජනයක් ලිප තබා කිරි කෝප්ප 2ක් හොදින් උණු කර කිරි ටික රත් වේගෙන එනකොට කලින් ක්‍රීම් දිය කරගත් චොකලට් සිරප් එක දමා හොදින් උණුකර ගන්න.
  5. ඉන්පසු කලින් කුඩාවට කඩා ගත් බිස්කට් කැබලි ටිකට උණුකර ගත් කිරි මිශ්‍රණය දමමින් හොදින් බිස්කට් කිරි සමග මිශ්‍ර කර ගන්න.( මෙහිදී කිරි උණුවෙන්ම බිස්කට් ටිකට දමන්න)
  6. ඉන්පසු බිස්කට් මිශ්‍රණය කේක් තැටියක හෝ සුදුසු බාජනයකට දමා ගන්න.
  7. පුඩින් එක උඩින් දැමීමට චොකලට් සෝස් එක සාදමු
  8. දැන් තවත් චොක්ලට් බිස්කට් 4ක් 5ක් ගෙන ඒවා කුඩාවට කඩාගෙන  එයට කිරි ටිකක් මිශ්‍ර කරමින් බිස්කට් ටික හොදින් දිය කර ගනිමින් උකු මිශ්‍රණයක්  සාදා ගන්න
  9. ඉන්පසු කලින් පිලියෙල කරගත් බිස්කට් පුඩින් එක උඩට චොකලට් සෝස් එක දමා ගන්න.
  10. ඉන්පසු රටකජු හෝ කජු කුඩාවට කපාගෙන උඩින් දමාගෙන.පැය 9ක් ශීතකරණයේ තබා කෑමට ගන්න...

Darshi Shanika
බිස්කට් පුඩිම් හදමු (බිස්කට් පුඩින්) [Biscuit Pudding Hadamu] - Your Choice Way

බිස්කට් පුඩිම් හදමු (බිස්කට් පුඩින්) [Biscuit Pudding Hadamu] - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment