As Adaren Purona Song Lyrics - ඇස් ආදරෙන් පුරෝනා ගීතයේ පද පෙළ

As Adaren Purona Song Lyrics - ඇස් ආදරෙන් පුරෝනා ගීතයේ පද පෙළ
Song Title : As Adaren Purona (ඇස් ආදරෙන් පුරෝනා)
ගායනය : කවීශ කවිරාජ්
සංගීතය : සදීප්ත ගුණවර්ධන
පද රචනය : කුෂාන් මනේන්ද්‍ර


ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
මා හදවතින්ම උමතු වී තියේ....//

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ...
දැකගන්නට ඔබ මා ලඟ නෑනේ..
නුදුරේදිම කරගන්නට මාගේ...
අවසර දෙන්නට පමණයි ඕනේ...
ඉඩදෙන්නම් පපුතුරේ - නැළවෙනුමැන සොදුරියේ
මට ඔබම තමයි ඕනා...

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
මා හදවතින්ම උමතු වී තියේ....//

රැක ගන්නම් ජීවිතයම වාගේ...
එක සැරයක් හද ගත්තානම් මාගේ...
සැනසෙන්නට හැමදාමත් ආයේ...
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ...
නොසිදෙන මහ සාගරේ - තරමට මගෙ ආදරේ
මට ඔබම තමයි ඕනා...

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
මා හදවතින්ම උමතු වී තියේ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment