Ape Hangum Walata Idadi Mohothak Song Lyrics - අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක් ගීතයේ පද පෙළ

Ape Hangum Walata Idadi Mohothak Song Lyrics - අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක් ගීතයේ පද පෙළ
Song Title : Ape Hangum Walata Idadi Mohothak (අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳපානේ මද අඳුරේ
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ

හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment