Alu Yata Gini Song Lyrics - අළු යට ගිනි ගීතයේ පද පෙළ

Alu Yata Gini Song Lyrics - අළු යට ගිනි ගීතයේ පද පෙළ
Song Title : Alu Yata Gini (අළු යට ගිනි)
ගායනය : සේනක බටගොඩ
තනුව : සේනක බටගොඩ
ගී පද : සේනක බටගොඩ


පුපුරන්නට යන කන්දක් ළඟ
සුවසේ ඉන්නට බෑ 
අවදානම 
කොයි මොහොතෙද 

ජිවිතයම සීමා කොටු තුල 
සිරවී හිටියාද 
හිතෙනවා බැලූවම
පහු ගිය කාලය 

වෙනසක් විය යුතුමයි ජීවිතයට 
කවදද කොහොමද නොදනී හරියට 
අළු යට ගිනි 
වැනි සිතුවිලි 
අපිව වසා ගෙන 
කොහෙදෝ ඈතක යනවා 


සීතල කඳු වැටියෙන් ඔබ්බේ
නිල්ල පිරුනු මිටියාවත 
තෝතැන්නකි 
හැම දේටම 

ජීවිතයට අගයක් වේ නම් 
සිතුවිලිවල සුවඳ දැනේ නම් 
තව 
වෙන මොනවද 

වෙනසක් විය යුතුමයි ජීවිතයට 
කවදද කොහොමද නොදනී හරියට 
අළු යට ගිනි 
වැනි සිතුවිලි 
අපිව වසා ගෙන 
කොහෙදෝ ඈතක යනවා 

අළු යට ගිනි 
වැනි සිතුවිලි 
අපිව වසා ගෙන 
කොහෙදෝ ඈතක යනවා 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment