Akasaye Dura Gimhana Iwure Song Lyrics - ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ ගීතයේ පද පෙළ

Akasaye Dura Gimhana Iwure Song Lyrics - ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ ගීතයේ පද පෙළ
Song Title : Akasaye Dura Gimhana Iwure (ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ)
ගායනය : ශෂිකා නිසංසලා
සංගීතය : කසුන් කල්හාර
ගී පද : වසන්ත කුමාර කොබවක


ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්‍රියේ

නන්නාඳුනන මේ රන් තාරකාවෙන්
වළා යහන රන්වන් වෙලා
ඔබේ නුහුරු ගීයෙන්
සදා සොඳුරු බැල්මෙන්
රැයේ පීදිලා යෞවනේ

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්‍රියේ

මං මුලා කතරේ කෙම් බිමක්‌දෝ මේ
දිලී නිලන තුරු වැල් අරා
නිදා නො ඉඳ ඉන්නම්
නියා තබා යන්නම්
ඔබේ ජීවිතේ මා නමින්

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment