Ahuwama Kan Pirena Song Lyrics - ඇහුවම කන් පිරෙණා ගීතයේ පද පෙළ

Ahuwama Kan Pirena Song Lyrics - ඇහුවම කන් පිරෙණා ගීතයේ පද පෙළ
Song Title : Ahuwama Kan Pirena (ඇහුවම කන් පිරෙණා)
ගායනය : බන්දුල විජේවීර සහ ලයනල් රන්වල සමග රන්වල බලකාය
පද : සිසිර දිසානායක
තනුව : ලයනල් රන්වල


ඇහුවම කන් පිරෙණා
පොඩි මස්සිනේ
නයි මිරිසක් වාගේ
ඇගෙ කෑමුරේ
නයි මිරිසක් වාගේ

දුටුවම හිත පිරෙණා
ලොකු මස්සිනේ
වංගෙඩියක් වාගේ
ඇගෙ රූ සිරී
වංගෙඩියක් වාගේ

නෙළුමේ සීපද අහන්ට කදිමයි
දෑතේ වැඩපල සුරුවම් වාගෙයි

වචනෙ කට සැර මී සේ වූවයි
සිරුරේ හැඩ පිල් නැටුවා ගාණයි

නයි මිරිසක් වාගේ
වංගෙඩියක් වාගේ
නයි මිරිසක් වංගෙඩියක් කරගැහුවා වාගෙයි

ඇහුවම කන් පිරෙණා
පොඩි මස්සිනේ
නයි මිරිසක් වාගේ
ඇගෙ කෑමුරේ
නයි මිරිසක් වාගේ

දුටුවම හිත පිරෙණා
ලොකු මස්සිනේ
වංගෙඩියක් වාගේ
ඇගෙ රූ සිරී
වංගෙඩියක් වාගේ

බොරුවේ උපතයි අපෙ කපු උන්දා
කවදා පිහිටක් වේවිද මන්දා

සොයලා දෙනකල් ඉන්නද හැමදා
දන්නා යකු ඇයි නරකද මන්දා

නයි මිරිසක් වාගේ
වංගෙඩියක් වාගේ
නයි මිරිසක් වංගෙඩියක් කරගැහුවා වාගෙයි

ඇහුවම කන් පිරෙණා
පොඩි මස්සිනේ
නයි මිරිසක් වාගේ
ඇගෙ කෑමුරේ
නයි මිරිසක් වාගේ

දුටුවම හිත පිරෙණා
ලොකු මස්සිනේ
වංගෙඩියක් වාගේ
ඇගෙ රූ සිරී
වංගෙඩියක් වාගේ

නයි මිරිසක් වාගේ
වංගෙඩියක් වාගේ
නයි මිරිසක් වංගෙඩියක් කරගැහුවා වාගෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment