Aegeya Oba Dan Song Lyrics - ඇගේය ඔබ දැන් ගීතයේ පද පෙළ

Aegeya Oba Dan Song Lyrics - ඇගේය ඔබ දැන් ගීතයේ පද පෙළ
Song Title : Aegeya Oba Dan (ඇගේය ඔබ දැන්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : සුනිල් ආරියරත්න


ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය..
මගේය එනමුත් මගේය හදවත මගේය
අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය
මගේය ඔබ නම් මගේය සැමදා මගේය...

ඔබ මට ජල ධාරාවක් වගේය..
සීතල ජල ධාරාවක් වගේය..
ඒ ජල ධාරාවම දැන් ඇගේය..
එනමුත් ජලයේ සිසිලස මගේය..
ජලයේ සිසිලස මගේය...

ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය..
මගේය එනමුත් මගේය හදවත මගේය
අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය
මගේය ඔබ නම් මගේය සැමදා මගේය...

ඔබ මට මිණි වීණාවක් වගේය..
ඔබ නද මිණි වීණාවක් වගේය..
ඒ මිණි වීණාවම දැන් ඇගේය..
එනමුත් වීණා නාදය මගේය...
වීණා නාදය මගේය..

ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය..
මගේය එනමුත් මගේය හදවත මගේය
අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය
මගේය ඔබ නම් මගේය සැමදා මගේය...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment