Song Title : Adarayaka Hangumak Sithehi (ආදරයක හැඟුමක් සිතෙහි)
ගායනය : විජය කුමාරතුංග, මාලනී බුලත්සිංහල
තනුව : උපාලි අත්තනායක
ගී පද : උපාලි අත්තනායක
ආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටි //
දෙමාපියන් සොහොයුරන් වෙතේ
හද පිදි ආදරෙ ඉමක් නැති //
එහෙත් ඔයා මගෙ අනාගතේ
මිහිර ගෙනේවිය හැඟුම් හිතේ
ආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටි
මදහස පා හිනැහෙන විටදී
සුමුදු වදන් පවසන විටදී //
මා හද තුල මින් පෙර නොරැඳී
ආදරයක හැඟුමක් උපදී
ආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටි //
0 comments:
Post a Comment