Adarayaka Hangumak Sithehi Song Lyrics - ආදරයක හැඟුමක් සිතෙහි ගීතයේ පද පෙළ

Adarayaka Hangumak Sithehi Song Lyrics - ආදරයක හැඟුමක් සිතෙහි ගීතයේ පද පෙළ
Song Title : Adarayaka Hangumak Sithehi (ආදරයක හැඟුමක් සිතෙහි)
ගායනය : විජය කුමාරතුංග, මාලනී බුලත්සිංහල
තනුව : උපාලි අත්තනායක
ගී පද : උපාලි අත්තනායක


ආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටි //

දෙමාපියන් සොහොයුරන් වෙතේ
හද පිදි ආදරෙ ඉමක් නැති //
එහෙත් ඔයා මගෙ අනාගතේ
මිහිර ගෙනේවිය හැඟුම් හිතේ

ආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටි

මදහස පා හිනැහෙන විටදී
සුමුදු වදන් පවසන විටදී //
මා හද තුල මින් පෙර නොරැඳී
ආදරයක හැඟුමක් උපදී

ආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adarayaka Hangumak Sithehi Song Lyrics - ආදරයක හැඟුමක් සිතෙහි ගීතයේ පද පෙළ Adarayaka Hangumak Sithehi Song Lyrics - ආදරයක හැඟුමක් සිතෙහි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2021 Rating: 5

0 comments:

Post a Comment