⭕ කල්ගත වූ වියළි කැස්සට :-
• ආඩතෝඩා කොළ කොටා වන්ඩුවේ තම්බාගත් යුෂ මීපැණි සමඟ මිශ්‍රකර බොන්නට දෙන්න.
⭕ අම්ලපිත්ත රෝගයට (ගැස්ට්‍රයිටිස්) :-
• ආඩතෝඩා කොළ පංචාංගයම ක්ෂාය කර සීනි දමා බොන්නට දෙන්න.
⭕ ඇදුමට :-
• ආඩතෝඩා කොළ, අත්තන කොළ සමානව ගෙන වේලා කුඩු කර දුම්වැටියක් සේ සකසා එම දුම් ආශ්වාස කිරීමෙන් හතිය අඩුවෙයි.
• කෝන් පොත්ත ගලගා තලප පිස ළය මත පැලැස්තර එලන්න.
⭕ කල්ගත වූ උණට :-
• ආඩතෝඩා පංචාංගයම ක්ෂාය කර බීමට දෙන්න.
⭕ මුත්‍රා දැවිල්ලට :-
• ආඩතෝඩා මල් චූර්ණය තම්බා බොන්න.
⭕ කුඩා ළමුන්ගේ පණු අමාරුවට :-
• ආඩතෝඩා කොළ පංචාංගයම ක්ෂාය කර බොන්නට දෙන්න.
⭕ සන්ධි වේදනා වලට :-
• ආඩතෝඩා, අමු ඉඟුරු කොටා වන්ඩුවේ තම්බා තැවීමෙන් වේදනාව අඩුවෙයි.
⭕ සන්ධි ඉදිමුමට :-
• ආඩතෝඩා කොළ තම්බා තැවීමෙන් ඉදිමීම අඩු වී යයි.
⭕ අර්ශස් වලට :-
• ආඩතෝඩා කොළ, අමුකහ අඹරා ගෑමෙන් අර්ශස් ගෙඩි වල වේදනාව අඩුවෙයි.
⭕ ඔසප් වේදනාවට :-
• ඇඹුල් ඇඹිලිය ඉස්ම කෝප්ප භාගයක් පමණ පානය කරන්න. එවිට වේදනාව අඩු වී යයි. ඉකමනින් සුවපත් භාවයට පත් වේ.
⭕ හිසකෙස් කලු වීමට :-
• තල මුල් සහ තල කොළ ගෙන කෂාය සාදා එයින් හිස සෝදන්න.
⭕ පීනසට :-
• පිටවක්කා සිවිය අරළු, සිරිතේක්කු, තිප්පිලි, වියළි ඉඟුරු, වැල් තිබ්බටු මුල්, රසකිඳ, පාවට්ටා, එළබටු, ඇසළ පොතු, ගම්මිරිස් මේ කෂාය සීනි හෝ මීපැණියෙන් බොන්න.
⭕ ශරීරය සුවඳ වීමට :-
• අරළු, ලොත්සුඹුලු, කොහොඹ කොළ, දෙළුම් පොතු, කලාඳුරු සමව ගෙන වේලා කුඩකර ගෙන ශරීරයේ ගාගන්න.
• සඳුන්, සැවැන්දරා, ඉරිවේරිය, කොල්ලන්කොළ, නාමල් රේණු, අගිල්, ගොරෝචන සමව ගෙන පවනේ වේලා කුඩුකර ගෙන ශරීරයේ තවරන්න.
• අරළු, කලාඳුරු අල, කරඳ, නාමල් රේණු සමව ගෙන පවනේ වේලා කුඩුකරගෙන ශරීරයේ ගල්වන්න.
• එන්සාල්, ඊතණ, කුරුඳු පොතු, හඳුන්, අගිල්, සැවැන්දරා, කලාඳුරු, ඉඟුරු පියලි, වෙනිවැල්, සුවඳ කොට්ටම්, ලොත්සුඹුලු සමව ගෙන කුඩුකර ශරීරයේ ගල්වන්න.
👉 විශේෂ ක්‍රම
• ස්නානයට පෙර සඳුන්, සැවැන්දරා, අගිල්, නාමල් රේණු, ලොත්සුඹුලු, කුඹුක් පොතු ඇල්දියෙන් අඹරා ශරීරයේ ගා ටික වේලාවක් සිට ස්නානය කරන්න. මෙසේ දින 7ක් එක දිගට කරන්න.
• ඉරිවේරිය, කලාඳුරු අල, සඳුන්, සැවැන්දරා, ලොත්සුඹුලු, අගිල්, වැල්මී, වෙනිවැල්ගැට ඇල්දියෙන් අඹරා ස්නානයට පෙර ශරීරයේ ගා පසුව ස්නානය කරන්න. මෙසේ දින 7ක් එක දිගට කරන්න.
⭕ ශරීරයේ අපිරිසිදු ලෝම නැතිවීමට :-
• ගෙන්දගම්, පුවක්කොළ ඉස්මෙන් අඹරා අදාළ ස්ථානයන් හි ( රහස් ස්ථානයන් ආදී ඕනෑම ස්ථානයක ) ආලේප කර ටික වේලාවක් අව්වේ සිටින්න. විගස ලෝම හැලේ.
• සක් බෙලි කුඩු, යවහිරියල්, ඔළිඳ විනාකිරෙන් අඹරා ලෝම ඇති තැන්වල ආලේප කරන්න. විගස ලෝම හැලේ.
• සක් බෙලිකටු කුඩු, වැල්මදට, හිරියල්, කෑල අලු සමඟ ගෙන අලු කෙසෙල් කොළ තම්බාගත් වතුරෙන් කලවම් කර ගෙන ලෝම ඇති තැන ආලේප කරන්න.
සැ.යු :- කිසිම විටෙක මෙය අනවශ්‍ය පරිදි භාවිතා නොකරන්න.
⭕ මුහුණේ තිත් ලප වලට
කටු ඉඹුල් ගහේ කටු එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල්වතුරෙන් මුහුණ සෝදන්න.(සති 2 යි)
⭕ මුහුණේ තිත් ලප නැති වීමට
කහ,වෙනිවැල් ගැට ලොන් සුඹුලු,අබ,මනෝසිල සමව ගෙන තැඹිලි වතුරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල් දියෙන් මුණ සෝදන්න.
(ක්‍රීම්,පුයර වර්ග ගෑම තහනම්)
⭕ කුරුළෑවලට
I – ලොන් සුඹුලු,වද කහ,කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා ගාන්න.
II – නස්නාරං මුල්,මනෝ සීල එක පමණ ගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා දෙවනුව ගිතෙලින් අඹරා ගාන්න. (මනෝසීල විෂ ද්‍රව්‍යයකි. කටේ නොගෑවෙන්න ගෑ යුතු බව හොඳින් සලකන්න.) තිත් ලප කුරුලෑ සම්පූර්ණ නැතිවේ.)
⭕ බුද්ධි වර්ධනයට :-
• කහ, වෙනිවැල්ගැට, වදකහ, තිප්පිලි, වියළි ඉඟුරු, කොට්ටං, අසමෝදගම්, වැල්මී, සහිඳ ලුණු සමවගෙන කුඩුකර ගිතෙලින් අනුභව කරන්න. මාසයක් පමණ මෙය භාවිතා කරන්න.
• ලුනුවිල, වෙල්මුඩ, තිප්පිලි, වියළි ඉඟුරු සමව ගෙන පවනේ වියළා කුඩුකර මීපැණි සමඟ අනුභව කරන්න. මෙලෙස මාස භාගයක් පමණ සිදුකරන්න.
• හෙළ නෙළුම් රේණු ඉතා සියුම් ලෙස කුඩුකර ගිතෙල්, මීපැණි සමඟ අනා කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියක් සමඟ ආහාරයට ගන්න. මෙලෙස අඩ මසක් පමණ සිදුකරන්න. කිරි පානය කරන්න. මේ අතර මස් වර්ග ආහාරයට නොගන්න.
⭕ කටහඬ වැඩිවීමට :-
• වියළි ඉඟුරු, මී පැණි සමඟ ගුලිකර වළඳන්න. ඉතා මිහිරි කටහඬක් ලැබෙන බව සඳහන් වේ.
• වදකහ චූර්ණය ගිතෙල් සහ මී පැණි සමඟ සත්දින බැගින් දෙවරක් අනුභව කරන්න.
• වසාවාසී, තිප්පිලි, විළඳ, ලප්නාරං කොළ සමව ගෙන පිරිසිදු මී පැණි සමඟ අනුභව කරන්න.
• නිකමුල් ගෙන වේලා කුඩුකර පිරිසිදු තල තෙල් සමඟ අනා උගුරෙහි ආලේප කරන්න.
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment