Song Title : Yowun Wasanthaye (යොවුන් වසන්තයේ)
ගායනය : නන්දා මාලිනී
සංගීතය : ඩී.ආර්. පීරිස්
ගී පද : සුනිල් ආරියරත්න
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී //
ගංඟාවක් සේ ගලා බසිනු මැන
ගංඟාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී
නිරන්තරේ සිනා සිසී
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ //
තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන
අහස් ගඟේ දියඹ දිගේ
අහස් ගඟේ දියඹ දිගේ
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
0 comments:
Post a Comment