🌿 දේශීය ඖෂධවල ඇති, රෝග සුවයට බෙහෙවින් උපකාරිවන ප්‍රතිඔක්සිකාරක ගුණ විමසා බැලීමේ පර්යේෂණයකදී, එම ගුණ වඩාත් ඇති ඖෂධ පහ අතරට වල් කොත්තමල්ලි තෝරාගනු ලැබුවා.
🌿 එය අබිබවා සිටියේ නෙල්ලි , රණවරා, බෙලි මල් හා බෙලි ගැට පමණයි.බොහෝ රෝගවලට ප්‍රතිකාර සඳහා යොදා ගැනෙන වල් කොත්තමල්ලි විෂනාශකයක්, ප්‍රතිජීවකයක්, උත්තේජකයක්, හා වේදනා නාශකයක් සේ සිරුරේ ක්‍රියාත්මකවනවා.
🌿 ශාකය මෙරට සුලබව දක්නට ඇති අතර, ලොව පුරා විවිධ රටවල ද Sweet Broom යන පොදු නමින් හඳුන්වමින් ඖෂධ ලෙස භාවිතා කෙරෙනවා.
🌿 සුදු පැහැති මල් , හැඩකාර දාර සහිත පත්‍ර, හා දිග සිහින් නටුවකින් යුතු ගෙඩි වලින් යුක්තයි. පත්‍ර බීජ මුල් ආදි කොටස් වෙන් වෙන්වද, පැළෑටිය සහමුළින් ද ප්‍රතිකාර පිණිස යොදා ගන්නවා.
🌿 පැරණි දේශීය බෙහෙත් වට්ටෝරුවල පැණි බැබිල ලෙස නම් කෙරුණු මෙම ශාකයේ පත්‍ර, බෙලිමල් රණවරා පරිද්දෙන් ,පානයක් සේ බීමට ද යොදාගත් බව සඳහන්.
🌿 වල් කොත්තමල්ලි වඩාත් ප්‍රකටව ඇත්තේ දියවැඩියාවට ලබා දෙන ඖෂධයක් ලෙසටයි. ශාකයේ පස් පංගුව ඒ සඳහා යොදා ගන්නවා.
🌿 ශාකය සහමුළින් ගෙන තම්බා පානය කිරීමෙන් රුධිර ගත මෙන්ම මුත්‍රාගත සීනි ද පාලනයකර දිය වැඩියාව මැඩ පවත්වාගත හැකි බව සඳහන්.
🌿 මුත්‍රාශය හා වකුගඩු ආශ්‍රිත රෝග පාලනය කිරීමේ ශක්තියක් මෙහි පවත්නා අතර ශාකයේ මුල් මුත්‍රාශයේ ගල් දියකරන්නට හැකි ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බව දේශීය වෛද්‍ය ශබ්ද කෝෂ සඳහන් කරනවා.
🌿 ශාකය අක්මාව හා පෙණහළු ද සුවපත්ව තබනවා. කැස්ස උණ බ්‍රොන්කයිටීස් වැනි රෝග සුවයට උපකාරවනවා. කැස්ස සුවවීම සඳහා මෙහි පත්‍ර සපා කන බව සඳහන්වනවා.
🌿 උණ සමග ඇතිවන හිසරදයට පත්‍ර උතුරන දියෙහි තම්බා පානය කරන බවද සඳහන්.හදවතට හිතකරයි. අධි රුධිර පීඩනය පාලනය කරනවා. ආහාර ජීර්ණපද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට සහායවනවා. මල බද්ධය දුරුකරන අතර පාචනය වැනි රෝග තත්ත්වයන්ටද ප්‍රතිචාර දක්වනවා .
🌿 ගෙලෙන් ඉහල කොටස්වලට වැළඳෙන අක්ෂි ආබාධ, දන්ත ආබාධ මෙන්ම ශ්‍රවණ ආබාධ සුවයට ද හිතකරයි. .
🌿 විදුරුමස් රෝග සඳහා මෙම ශාකයෙන් මුඛ ශෝධන ඖෂධ ද නිෂ්පාදනයවී තිබෙනවා .
🌿 වල් කොත්තමල්ලි සමේ රෝග නිවාරණය කරන්නක් . සීරීම් තැලීම් වණ, තුවාල , කුරුලෑ, එක්සීමා, බැක්ටීරියා ආසාදන දුරුකර සම නිරෝගී කර දෙනවා .
🌿 මේ සඳහා අමු මෙන්ම වියළි පත්‍ර යොදා ගැනෙනවා. ශාකය පරපෝෂිත ආසාදන මෙන්ම නීරක්තිය ද දුරලන්නක් .
🌿 විෂ නාශකයක් වන වල් කොත්ත මල්ලි සර්ප දෂ්ට හා වෙනත් කෘමී, විෂ සත්ත්ව සපා කෑම්වලදී ප්‍රතිකාර පිණිසද යොදා ගනු ලබනවා.
🌿 කාන්තාවන්ට ආවේණික රෝග ශාකය මගින් සුවකර දෙනු ලබනවා. ගැහැනු පිරිමි දෙපක්ෂයටම වාජීකරණ ඖෂධයක් ලෙස ද එය ක්‍රියාත්මකවෙනවා.
🌿 ලිංගික පද්ධති රෝගවලටත් එය ප්‍රතිචාර දක්වනවා. එසේ ම හර්පීස් ගොනෝරියා වැනි සමාජ රෝග වලට ඖෂධ ලෙස ද යොදා ගැනෙනවා. වල් කොත්තමල්ලි ලියුකේමියා වැනි පිළිකා රෝග මැඬලීමට ත් උපකාරිවන්නක්.
🌿 මාළු පිසිනවිට රසකාරකයක්සේ යෙදීමෙන් ද, මිශ්‍රකොළ කැඳට හා කලවම් පලාවට මිශ්‍ර කිරීමෙන්ද ආහාරයට ගත හැකියි.
🌿 ශාකයේ ප්‍රබලත්වය නිසා එය අධික වශයෙන් ගැනීම හිතකර නො වන අතර වැඩි මාත්‍රාවක් ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් විමසීම යහපත් .
විශ්මිත හෙළ ඔසු
0 comments:
Post a Comment