Song Title : Thiya Athithaya (තියා අතීතය)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : නිලාර් එන්. කාසිම්
තියා අතීතය මා ලඟ - පියාඹා ගියාව ද ඔබ
පුරවි කිරිල්ලී - පුරවි කිරිල්ලී..
හිනා අමතකව ගිය මට - හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී - කියන්න දේවී..
කියා තෙපුල් ගී
ඔබ දුන් හාදු පමණි
ඉතිරි උණේ පැමිණි ඉසව්වේ
ඇවිලෙන සාංකාව විතරද මට
තනි මැකුවේ පාළු කැදැල්ලේ..
තියා අතීතය මා ලඟ - පියාඹා ගියාව ද ඔබ
පුරවි කිරිල්ලී - පුරවි කිරිල්ලී..
හිනා අමතකව ගිය මට - හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී - කියන්න දේවී..
හදේ ගැඹුරු ගැබ..
ඔබ උන් තැනින් නැගුණ
දුකට වඩා දුකක් නැහැ ලොවේ..
ඉකිලෙන වේදනාව විතරද මට
ඉතිරි උණේ මතක කොදෙව්වේ..
තියා අතීතය මා ලඟ - පියාඹා ගියාව ද ඔබ
පුරවි කිරිල්ලී - පුරවි කිරිල්ලී..
හිනා අමතකව ගිය මට - හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී - කියන්න දේවී..
0 comments:
Post a Comment