✅ අවශ්‍ය ද්‍රව්‍ය : තලපත් මාළු 500g ලොකු ළූණූ ගෙඩි 3ක් තක්කාලි ගෙඩි 2ක් Bay Leaf 2ක් අමු මිරිස් කරල් 3ක් වියලි මිරිස් කරල් 6ක් කොත්තමල්ලි තේ හැදි 1ක් සූදුරු තේ හැදි 1/2ක් කහ කුඩු තේ හැදි 1/4ක් සොයා සෝස් මේස හැදි 1ක් විනාකිරි මේස හැදි 1ක් ගම්මිරිස් කුඩු තේ හැදි 1ක් ඉගුරු තේ හැදි 2ක් සුදු ළූණූ තේ හැදි 2ක් කොල පාට belpeper ගෙඩි 1ක් වතුර කෝප්ප 1ක් ළූණූ කොල
✅ සාදා ගන්නා ආකාරය : මුලින්ම මාළු අගල් 1 1/2 පමන කෑලි කපාගෙන ලුණූ හා කහ මිශ්‍රකර ගැඹුරු තෙලේ රන්වන් පැහැවන තුරු බැදගන්න. පසුව එම තෙල් වලින්ම මේස හැදි 2ක් පමන රත් කර එයට bay leaf, සිහින්ව කපාගත් ලොකු ළූණූ, සුදු ළූණූ, ඉගුරු, අමු මිරිස් කරල් වශයෙන් එකතු කර හොදින් තෙම්පරාදු කරන්න. එය රන්වන් පැහැවී එනවිට කහ කුඩු, ලුණු, සොයා සෝස්, විනාකිරි මිශ්‍රකරන්න. මේ අතර වියලි මිරිස්, කොත්තමල්ලි, සුදුරු, කරාබු නැටි, එනසාල් කබලේ බැදගෙන හොදින් කුඩු කරගෙන ඒ සමගම එකතු කර ගන්න. (මෙය ඔබ කලින් සකසාගෙන තියගන්න එය පහසුයි.) මේ සියල්ල හොදින් කවලම් කර විනාඩි 2කින් පමන පසුව වතුර එකතු කරන්න. වතුර නටන විට ගින්දර අඩු කර බැදගත් මාළු, තක්කාලි, belpeper එයට දමා මද ගින්නේ විනාඩි 10ක් පමන පිස ගන්න. ලිපෙන් ඉවත් කරන්න මද වේලාවකට පෙර ගම්මිරිස් කුඩු, ළූණූ කොල ඉසින්න.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
About
Wanni Arachchige Udara Madusanka Perera
Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
0 comments:
Post a Comment