Song Title : Sanda Bonda Wee Yana Witadi (සඳ බොඳ වී යන විටදී)
ගායනය : අජිත් පෙරේරා
සංගීතය : අජිත් පෙරේරා
ගී පද : හේමසිරි හල්පිට
සඳ බොඳ වී යන විටදී
හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුළු රැඳී
තිබුණා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙලෙසේ
ආත්මයෙන් ආත්මයේ
ඔබේ ළඟින් රැඳෙන්නෙමී
රකිමි ආදරෙන්
මාගේ පණ වගේ
පැතුමන් පතන්නෙමී //
සඳ බොඳ වී යන විටදී
හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුළු රැඳී
තිබුණා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙලෙසේ
සාගරේ තරම් කියූ
විශාල වූ ආදරේ
බිඳුණි මා ඔබේ
සිතේ හැඟුම් ගැන ළඳේ
හඳුනා නොගත් නිසා //
සඳ බොඳ වී යන විටදී
හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුළු රැඳී
තිබුණා මගෙ දෑසේ
පසුතැවෙනා සිත මාගේ
වාවන්නද කෙලෙසේ //
0 comments:
Post a Comment