Song Title : Sada Ma Sith (සදා මා සිත්)
Artists : Anjalee Abeywikrama
Lyrics : D. Sumith Thabrew
Music : Dammika Edussooriya
Vedio Edditing : D. Sumith Thabrew
සදා මා සිත් තුරුල් කරගෙන
පෑව සෙනෙහස සිහි වුණේ
මුදා හරින්නෙමි කඳුළු පිසදා
නුඹව ඇයටයි හිමි වුණේ
ගෙවී ගිය කල පිදූ සෙනෙහස
කොහේදෝ සැඟව ගියේ
මගේ පැතුමන් සිතේ හැඟුමන්
නුඹේ සිත මත බර වුණේ
නුඹට හිමි ලොව ඇයම පමණක්
සිටිනු ඇත අද ලං වෙලා
අහිමි දේ නොව හිමි වූ පෙම ගැන
සිතමි යළි දුක් නොම වෙලා.....//
ඇය සොයා නුඹ පියඹනා සැටි
බලා ඉමි මම නැවතිලා
වැරදුණොත් මග සොයා එනු මැන
මම ඉතින් ඉමි මග බලා.....///
0 comments:
Post a Comment