Oba Ma Kisida Song Lyrics - ඔබ මා කිසිදා ගීතයේ පද පෙළ

Oba Ma Kisida Song Lyrics - ඔබ මා කිසිදා ගීතයේ පද පෙළ
Song Title : Oba Ma Kisida (ඔබ මා කිසිදා)
Artists : Shasika Srimali
Lyrics : D. Sumith Thabrew
Music : Dammika Edussooriya
Video Edditing : D. Sumith Thabrew 


ඔබ මා කිසිදා හමු නොවනා බැව් දනිමී මා
තරු එළියයි ඔබ මා සිත් අහසේ සඳහට දිලෙනා
කඳුලක් ගිලිහී නෙතු අතරින් මා ඔබ සොයනා
වෙන් වෙන්නට නම් බෑ ඔබගෙන් මට නම් කිසිදා 

නෙතු දැහැනින් ගිලිහී වැටිලා කඳුලක් පාසා
ඒ දුක හංගා මා හිත රහසින් හැඬුවා
ඔය හිත මා සතු නොම බව දැන මා පෙම් කෙරුවා
දුරස් වෙලා ඇයිදෝ ඔබ මා හද තනි කරලා.....// 

ඔබෙ සෙනෙහේ ලබන්න දිවියේ මදි පිං කරලා
දෙවියන් වැඳ ඉල්ලුවේ ඔබ මගෙ වෙන්න කියා
පතනෙමි ඔබ මා සසර පුරා හමුවන්න කියා
හමුවී එක්වී අපි අපේම වෙමු ආදරෙන් සදා....// 

ඔබ මා කිසිදා හමු නොවනා බැව් දනිමී මා
තරු එළියයි නුඹ මා සිත් අහසේ සඳහට දිලෙනා
කඳුලක් ගිලිහී නෙතු අතරින් මා ඔබ සොයනා
වෙන් වෙන්නට නම් බෑ ඔබගෙන් මට නම් කිසිදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment