🌿 මොනර කුඩුම්බිය -(Vernonia Cinerea)
🌿 කුළය:- Asteraceae කුලයට අයත් වේ.
🌿 මොනරෙකුගේ හිසමුදුනේ පිහිටි ශිඛාව මෙන් දිස්වන බැවින් මෙය මොණරකුඩුම්බිය ලෙස හදුන්වන බවයි පැවසෙන්නේ .
✅ පලාත් අනුව මෙය හදුන්වන නම්
👉 මගුල්කුඹුරැවැන්න
👉 වතුපලා
👉 කොබෙයිකොළ
👉 දුටුසපුටු
👉 මොණර කුඩුම්බිය
✅ ශාකය ගැන
🌿සෙ.මි 30 පමණ උසට වැවෙන මෙය ලංකාවේ සෑම ප්‍රදේශයකම බහුලව ඇති, නමුත් දුකට හෙතුවන කරුණ නම් වල්පැලෑටියක් කියා සිතා මෙය නොසලකා හැරිමයි නමුත් දේශිය අතින් ඉතා ගුණ දෙන සම්පතක් වේ
✅ සුව ගෙනෙන රෝග
🌿 උණට, පාණ්ඩුවට, වණ, මුත්‍රා හෝ පිත්තාශ ගල්, සෙංගමාලය ඇතුළු අක්මා රෝග, පණූ රෝග ආදියට ප්‍රතිකාර කිරීම සදහා ශාකයේ සියලුම කොටස් ප්‍රයෝජනයට ගැනේ.
🌿 ඉදිමුම් සහ වේදනාවන් නසන, ශරීර ඇතුලත ගල් දියකරන, රැධිරය පිරිසිදු කරනා ඉතාමත් වටිනා ශාකයක් බව ආයුර්වේදයේ සදහන් වේ .
🌿 අපේ පැරන්නන් බොහෝවිට මෙය යෙදාගත්තේ එහි ඇති රැධිරය පිරිසිදු කිරීමේ මහගු බලය නිසාම මෙය කැද සදා පානය කරන ලදි .
🌿 එමෙන්ම මෙය ඉතාමත් රසවත් කැද වර්ගයක් වේ
මොනර කුඩුම්බිය කැද සාදා ගන්නා ආකාරය
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
ගලවා ගත් සම්පූර්ණ පැළෑටික්
පොල් ස්වල්පයක්
සුදු ලූනු, රතුලුනු, ලුනු ස්වල්පයක්
කැකුළු හාල්
හකුරු කෑල්ලක්
✅ සාදා ගන්නා ආකාරය : (නොදන්නා අලුත් පරම්පරාවේ අපේ අයට)
🌿මොනරකුඩුම්බිය ගසේ සියලු කොටස් සමග ගලවාගෙන එය හොඳින් සෝදා පිරිසිදු කර ගෙන බ්ලෙන්ඩරයට දමා පොල් ටිකක්, වතුර දමා බ්ලෙන්ඩර් කර යුෂ සාදා ගන්න.
🌿කැකුළු හාල් ටික හා හිනියට කැපු සුදු ලුනු, රතුලුනු ගෙඩි දෙක තුනද දමා ලිප තබා බත හොදට බෙරිවෙන්න උයා ගන්න බත ඉදුන පසු හැන්දක් ගෙන මුට්ටියෙම තිබියදි බත මතගා ගන්න ( ඒ කියන්නේ හොදට පොඩිකර ගන්න) පසුව එයට බ්ලෙන්ඩර් කරගත් මොනරකුඩුම්බිය යුෂ දමා රත් වූ පසු පානය කළ හැකිය.
🌿ක්ලෝස්ටරෝල් වැනි රෝගීන්ට පොල් නොදමා සාදා ගන්න. වැඩි රසයක් ලබාගැනීමට හකුරු ස්වල්පයක් සමග පානය කරන්න.
✅ මෙහි අඩංගු පෝෂණ ගුණ
▶️.කාබෝහයිඩ්රේලට්
▶️.කැල්සියම්
▶️.පොස්පරස්
▶️.යකඩ ආදී ඛනිජ ලවණ
▶️.විටමින් A, B. C, D සහ E
✅ මොණරකුඩුම්බිය ශාකයේ ඖෂධීය ගුණ
- පෝෂණයෙන් අධික නිසාම රක්තහීනතාවය නැති කරයි.
- මාන්දමින් පෙළෙන දරුවන්ට විශේෂයෙන් දෙනු ලබන කැඳකි.
- මතක ශක්තිය වැඩිදියුණු කරයි.
- ස්නායු දුර්වලතා වලක්වයි.
- වාත රෝගීන්ට සහ අංශ භාග රෝගීන්ට ද ඉතා හොඳයි.
- ස්නායු ශක්තිය වැඩි දියුණු කරන නිසාම අක්ෂි රෝග වළක්වයි.
- රුධිරය පිරිසිදු කරන නිසාම චර්ම රෝග මැඩ පවත්වයි.
- රක්තය පිරිසිදු කර සම පැහැපත් කරයි. එනිසා කුරුලෑ නැති කරයි. දද කුෂ්ඨ තුවාල නැති කරයි.
- ගර්භනී මවුවරුන්ට රක්ත හීනතාවයට මුත්‍රා දාහයට ඉතා හොඳයි.
- ඇඟ සිසිල් කරයි. ඇඟ උණුකරවා යෑම වළක්වයි. ඔසප් චක්‍රය අක්‍රමවත් අයට එය ක්‍රමවත් කරයි.
- කකුල් පැලෙන තොල් පැලෙන රත්පිත් සහිත අයට එම දොස් නැති කරයි.
🌿 වසවිස නොමැති කමත්, ස්වාභාවික පරිසරයේ නිදහසේ වැවෙන නිසාත් අපේ බොහෝ දේශිය ශාකවලින් සාදා ගන්නා කොළ කැඳ අගුණ වන අවස්ථා බොහො සෙයින් අඩුය.
🌿 එමෙන්ම මොනර කුඩුම්බිය ගස මේරීමට පෙර පුංච් පැල කාලයේ පොල් පලා ශාකයේ පත්‍ර වලට හා ගස ට බොහො සේ සමාන වේ.
🌿 ශාකයේ කොල මැලුමක් ලෙස මලවා ගත් කල ඉතා රස ගුණ දෙන පලාවකි .කලවම් මැල්ලුම් සදහද යොදා ගත හැක.
විශ්මිත හෙළ ඔසු
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment