Song Title : Me Gee Eda Age Handin (මේ ගී එදා ඇගේ හඬින්)
ගායනය : ඩබ්. ඩී. අමරදේව
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගී පද : අජන්තා රණසිංහ
‘ජනක සහ මංජු‘ චිත්‍රපටියෙන්
මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි //
මා ඇසූ රාවයයි
ඇගෙ පිළිරුව සිත ඇඳී
ජීවමාන වී හිඳී
මම හඬගා විමසමි
එපමණදෝ මට හිමි
මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි
ලොව සුවහස් දරුවනේ
දරු සෙනෙහස මට දැනේ
ඈත ඉඳන් අත වනා
මට අඬගසනුය පුතේ
මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි //
0 comments:
Post a Comment