Song Title : Mal Loke Rani Malsara Doni (මල් ලෝකේ රාණි මල්සර දෝණි)
ගායනය : සී.ටී. ප්රනාන්දු
සංගීතය : සී.ටී. ප්රනාන්දු
ගී පද : ලලිත් එස්. මෛත්රීපාල
මල් ලෝකේ රාණි මල්සර දෝණි
මධුභාෂිණියෙ මගෙ මාලා
කෝමල පානි නයනේ සුභානේ
සනසනු මා පෙම් පාලා //
මා හද විල සරසාලා
ආදර මල හැඩවීලා //
මා සනසා ඉඟි පාලා
රඟන්න චල ලෝචනී
මල් ලෝකේ රාණි මල්සර දෝණි
මධුභාෂිණියෙ මගෙ මාලා
කෝමල පානි නයනේ සුභානේ
සනසනු මා පෙම් පාලා //
මේ මුළු ලොවම එපාවේ
මගෙ රස රැජින හිනාවේ //
සම්පත සතුට ගෙනාවේ
ඔබ නේද මධු රාජිනී
මල් ලෝකේ රාණි මල්සර දෝණි
මධුභාෂිණියෙ මගෙ මාලා
කෝමල පානි නයනේ සුභානේ
සනසනු මා පෙම් පාලා //
0 comments:
Post a Comment