✅ අවශ්‍ය ද්‍රවය :
- කුකුළු මස් කිලෝ 1
- කොත්තමල්ලි ඇට තේ හැදී 1
- තල ඇට තේ හැදී 1/2
- සුදුරු තේ හැදී 1/4
- ගම්මිරිස් ඇට 5
- උළුහාල් තේ හැදී 1/2
- සුදුළුනු බික් 2
- ගාගත් පොල් ගෙඩි 1/2
- සිහින්ව ලියාගත් ලොකු ළුණු ගෙඩි 2
- වියලි මිරිස් කරල් 2
- කහ තේ හැදී 1
- ගිතෙල් තේ හැදී 2
- ගෙඩියක පොල් කිරි
- කුඩාවට කපා ගත් තක්කාලි ගෙඩි 1/2
- කරපිංචා ස්වල්පයක්
- පොල්තෙල් තේ හැදී 1
- ලුණු අවශ්‍ය පමණට
✅ සාදන ක්‍රමය :
- පළමුව මසාලා පව්ඩර් එක සාදා ගත යුතුයි.
- හොදින් වියලා ගත් කොත්තමල්ලි ඇට,තල ඇට,සුදුරු,ගම්මිරිස්, වියලි මිරිස් කරල්,උළුහාල් කබලේ බැද හොදින් කුඩු වන තුරු බ්ලෙන්ඩරයේ අඹරා ගන්න.
- දැන් මෙම මිශ්‍රණය පසෙකින් තබා භාජනයක් ගෙන ලිප තබා තෙල් ස්වල්පයක් රත් වීමට තබන්න.
- තෙල් ටික රත් වෙන විට සකසා ගත් මසාලා මිශ්‍රණය එයට දමා විනාඩි 4ක් 5ක් පමණ බැද ගන්න.
- පසුව එම මිශ්‍රණය වෙනත් භාජනයකට දමා පසෙකින් තබා එම ලිප තැබු භාජනයම ගෙන එයට ගිතෙල්,ළුණු,තක්කාලි දමා විනාඩි 3ක් කලවම් කරන්න.
- දැන් එයටම ගාගත් පොල්,කහ කුඩු,කරපිංචා එක්කර තවත් විනාඩි 5ක් පමණ හැදිගාන්න.
- දැන් ලිප නිවා මිශ්‍රණය නිවෙන්නට පසෙකින් තබන්න.
- පෙර සකසා ගත් මසාලා මිශ්‍රනය සමග දැන් සකසා ගත් මිශ්‍රනයත් බ්ලෙන්ඩරයට දමා හොදින් අඹරා ගන්න.
- එම මිශ්‍රණය ඔබට පේස්ට් එකක් ආකාරයට සැකසී ඇති අයුරු දකින්නට පුළුවන්.එම මිශ්‍රනයත් පසෙකින් තබා දැන් වෙනත් භාජනයක ගන්න.
- භාජනයක් ගෙන ලිප තබා තෙල් රත් වන විට එයට ළුණු සහ තක්කාලි එක්කර රන්වන් වනතුරු බැද ගන්න.
- දැන් එයට කුකුළු මස් කැබලි එක්කර ගන්න.
- ලිපේ ගින්දර අඩුකර භාජනය පියනකින් වසා විනාඩි 10ක් පමණ තබා එක්වරක් හොදින් හැදී ගා මිශ්‍ර කරගන්න.
- දැන් එම කුකුළු මස් මිශ්‍රණයට පෙර සකසා ගත් මසාලා මිශ්‍රණය සමග කරපිංචා සහ රස අනුව ලුණු එක් කර නැවතත් හොදින් හැදී ගා මිශ්‍ර කර ගන්න.
- නැවතත් පියන වසා මද ගින්දරේ විනාඩි 10ක් පමණ පිස ගන්න.
- විනාඩි 10 ගත වූ පසු එය වතුර කෝප්ප හතරක් එක් කර ගින්දර වැඩි කර විනාඩි දෙකක් පමණ පිසගන්න.
- පසුව ගින්දර අඩු කර පියන වසා කුකුළු මස් හොදින් පිසෙන තුරු පිසගන්න.
- දැන් ලිප නිවා කුකුළු මස් කරිය උණු උණුවෙම තියෙද්දී පොල්කිරි එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න.
දැන් අහාරයට ගන්න පුළුවන්...
ජනයුගය පුවත්පත රහ අතිරේකය
0 comments:
Post a Comment