ටී..☕ පාටියකට දඩිබිඩි ගාලා හැදුවෙ...ක්‍රීම් ක්‍රැකර් බිස්කට් වලින් කට්ලට්...මේක හැමෝම හදන්න දන්නවා ඇති...
✅ අවශ්‍ය දේවල් :
- ක්‍රීම් ක්‍රැකර් බිස්කට්
- මැදට පිරවුමක් (කට් ලට් වලට හදනවා වගේ පිරවුමක්)
- බිත්තර
- බිස්කට් කුඩු
- පොල් තෙල්
✅ සාදන ආකාරය :
- 🥕 ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් මත සකසා ගත් පිරවුම තියා ගන්න මුලු බිස්කට් එකටම පැතිරෙන විදියට අතින් සකසා ගන්න...
- 🥕 තව බිස්කට් එකක් ගෙන සකසා ගත් බිස්කට් එක මත තබා අතින් තද කර ගන්න..(බිස්කට් දෙක අතර හිඩැස් නැති විදියට පිරවුම දමා සකසා ගන්න)
- 🥕 එහෙම සාදා ගත් බිස්කට් බිත්තර සාරැ වල දවටලා බිස්කට් කුඩුවලත් දවටා ගන්න...
- 🥕 එහෙම සකසා ගත් බිස්කට් ශීතකරනයේ පැයක් හෝ පැය බාගයක් තබා ගන්න...
- 🥕 ඉන්පසු ගැඹුරු තෙලේ බැඳ ගන්න...
Dhanushka Nishanthi
0 comments:
Post a Comment