🎈වර්ෂ 1665 දී රොබට් හුක් ඔහු නිපදවූ අන්වීක්ෂයක් භාවිතයෙන් කිරල ඇබයක ඡේදයක් නිරීක්ෂණය කළා.
🎈එවිට ඔහුට පෙනුණේ එහි මී වදයක මෙන් කුටීර සමූහයක් ඇති බව හා ඔහු එම කුටීර ‘‘සෛල‘‘ යනුවෙන් හැදින්වූවා.
🎈එයින් ලබාගත් අත්දැකීම් වලින් ඔහු විිවිධ ජීවි කොටස් නිරීක්ෂණය කර ලබාගත් අනාවරණයන් පදනම් කරගෙන 1838 දී පහත පුද්ගලයන් විසින් විවිධ මත ඉදිරිපත් කළා.
🎈සෛල පිළිබදව දැක්වූ අදහස් නිසා එය ‘‘සෛල වාදය‘‘ ලෙස හැදින්වුවා.ඒ,
- ශ්ලයිඩන්
- ශ්වාන්
- රැඩොල්ෆ් වර්කොව් යන අයයි.
🎈සෛලයක් කියන්නේ ජීවි දේහය ගොඩනැගී ඇති ව්‍යුහමය නැත්නම් කුඩාම ඒකකයයි.
🦠සෛල වාදයේ අඩංගු වූ කරුණු කිහිපයක් නම්,
🟣ජීවයේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලය වනවා.
🟣සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛලවලින්.
🟣නව සෛල ඇති වන්නේද කලින් පැවති සෛලවලින් යන්නයි.
දැනුම්පාරාදීසය
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment