මෙම ලිපිය විශේෂ කැවිලි වර්ගක් පිලිබදවයි. බිබික්කම් යන නමින් හදුන්වන මෙම කැවිලි වර්ගය සාදාගන්නා ක්‍රම කිහිපයක් ගැන අපි දැන් විමසා බලමු.
පළමු ක්‍රමය
✅ අවශ්‍ය ද්‍රවය :
- හකුරු ග්‍රැරෑම් 750 ක්
- පොල් ගෙඩි 2 ක්
- දෙහිපොතු තේ හැදි 2 ක්
- රට ඉදි ග්‍රෑරෑම් 200 ක්
- පාන් පිටි ග්‍රෑරෑම් 200 ක්
- කජු ග්‍රෑරෑම් 200 ක්
- බිත්තර 18 ක්
- එනසාල් ග්‍රෑරෑම් 200 ක්
✅ සාදන ක්‍රමය :
- පොල්වතුර බාවිතාකොට හකුරු දිය කරගැනීම.
- එයට ගා ගත පොල එක් කර හොදින් මිශ්‍ර කරගැනීම.
- ඉන්පසු මෙම මිශ්‍රනයට බිත්තර හැර අනෙක් සියල්ල දමා හොදින් මිශ්‍ර කරගැනීම.
- මෙය හොදින් නිවෙන්නට හැර නිවුනු පසු එයට බිත්තර එක් කරගැනීම.
- ඉන්පසු එම මිශ්‍රනය 180C° උෂ්ණත්වයකින් පුලුස්සා ගැනීම(බේක් කරගැනීම)
- ඉන්පසු ආහාරයට ගතහැකිය.
දෙවන ක්‍රමය
✅ අවශ්‍ය ද්‍රවය :
- පාන් පිටි 500g
- ලුණු තේ හැදි ½
- ඊස්ට් තේ හැදි 4
- සීනි තේ හැදි 2
- වතුර කෝප්ප 1
- ගා ගත් පොල් ගෙඩි 2
- පැණි කරගත් සීනි කෝප්ප 2
- සිහින්ව කපාගත් රට ඉදි 200g
- වියළි මිදි 50g
- කජු පියලි 50g
- කුඩු කරගත් කරදමුංගු තේ හැදි ½
- කුඩු කරත් කරාබුනැටි ½
✅ සාදන ක්‍රමය :
- පාල් පිටි, ඊස්ට්, ලුණු, සීනි සහ වතුර හොදින් එකතු කර මෝලියක් සාදාගන්න. එය පැය 1ක් පමණ පිපෙන්න තබන්න.
- භාජනයක් ලිප තබා පැණි, පොල්, සුවද ද්‍රව්‍ය, රට ඉදි, කජු සහ මිදි එකතු කර සාදාගන්න.
- එම මිශ්‍රණය පිටි මෝලියට එකතු කර හොදින් කලවම් කරගන්න.
- එය තැටියකට දමා පාය 1 ක් පමණ පිපෙන්න හැර 160C° උෂ්ණත්වයකින් පැය 1 ½ ක් තබා පුළුස්සා ගන්න.
තෙවන ක්‍රමය
✅ අවශ්‍ය ද්‍රවය :
- පොල් පැණි බෝතල් 1/2
- සිහින්ව ගා ගත් පොල් කෝප්ප 3
- සූල්තානා ග්රෑම් 100
- රට ඉඳි ග්රෑම් 50
- කජූ ග්රෑම් 100
- පිටි ග්රෑම් 125
- මිශ්ර කුළු බඩූ තේ හැඳි 1/2
- වැනිලා තේ හැඳි 1
✅ සාදන ක්‍රමය :
- පැණි උණූකරගෙන එයට පොල් දමා පොල් මලවාගෙන පැණි පොල් සාදාගන්න. පිටි යන්තම් බැදගන්න. සාදාගත් පැණි පොල්වලට පිටි දමන්න.
- කජූ, රට ඉඳි, සූල්තානා, වැනිලා, කුළුබඩූ එකට මිශ්‍රකර එය ද ඉහත මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න. තැටියක් ගෙන එයට පත්තර පිටූ 4 ක් දමා ඒ මත බටර් තැවරූ තෙල් කඩදාසියක්
- දමාගන්න. උදුන රත්වෙන්නට තබන්න කේක් මිශ්‍රණය තැටියට දමා විනාඩි 45 ක්, පැයක් පමණ සෙල්සියස් අංශක 125 උෂ්ණත්වයේ රත් වූ උදුනේ දමා බේක් කරගන්න.
0 comments:
Post a Comment