රුපියල් අස්සට අලුක්කාල් (Alukkal)

රුපියල් අස්සට අලුක්කාල් (Alukkal) - Your Choice Way
ඉහත කියමන පැරණි ජන සමාජයේ තිබූ ප්‍රකට කියමනකි . යටත් විජිත යුග වලදී විවිධ මුදල් ඒකක භාවිතා වූ අතර 1872 දී පමණ රුපියල් ශත ලංකාවේ පිළිගත් මුදල් ඒකකය බවට බ්‍රිතාන්‍ය යුගයේදී පත්ව මේ දක්වාම ක්‍රියාත්මක වෙයි .

රුපියලක් යනු ශත සීයකි . 

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස ලංකාව පැවති නිසා බ්‍රිතාන්‍යයේ කිරුල හිමි  පාලකයින් ඔවුන් තමන්ගේ දුර කාලය තුලදී තම උඩුකය රුව මේ කාසි සඳහා අන්තර්ගත කර ඇත .

King Edward , King George , King Victoria ආදී පාලකයින් ගේ උඩුකය රුව මේ රුපියල් ශත කාසි වල දක්නට ඇත  . 

එකල ශත කාල ( අලුක්කාල ) , ශත භාගය ( සල්ලිය ) , ශත පහ , ඝනකම් සතය (බෙහෙත් කිරන සතය ) ,තුනී සතය ( බොල් සතය )  සතය ලෙස සතයේ කාසි කිහිප ආකාරයකින් තිබී ඇත . 

වර්තමානය වනවිට ශත කාලක් , සල්ලියක් දැකීම උගහටය . මේවා කාසි හා මුදල් නොට්ටු එකතු කරන්නන් සතුව හා කෞතුකාගාර වලට පමණක් වත්මන වනවිට සීමාව ඇත . 

එකල ද ශත කාල ද , අනෙක් සතයේ ප්‍රභේද හා සලකන කල්හි දුලභ ව පැවති නිසා , ධනවත් ප්‍රභූන් උසාවියේ සුලු වරදවල් සඳහා වැරදිකරුවන් වූ කල්හි දඩ ලෙස උසාවි විනිසුරුවන් නියම කර ඇත්තේ සත කාලකි . ඊට වඩා විශාල දඩයක් නියම කලහොත් ඔවුන් එය පහසුවෙන් ගෙවා දමා නිදහස් වී යන නිසා වෙනි . 

නෝනද , පොල්ලද වැනි මතයක් සමාජගත වූයේ ද මේ කාසි හරහාය . 

ඉතින් මේ තොරතුරු අප සමඟින් ගෙනහැර දැක්වූයේ ලංකාවේ විශාලතම කාසි හා මුදල් නොට්ටු මෙන්ම කෞතුක භාණ්ඩ එකතුවක් පවත්වාගෙන යන රඹුක්කන හීනාබෝවේ සමන් ජයසිරි මහත්මායි . ( 076 - 871 59 27 ) 

ලිපිය කියවා අනෙක් අයට බැලීමට ශෙයා කරන්න . 

උරුමයක වරුණ
රුපියල් අස්සට අලුක්කාල් (Alukkal) - Your Choice Way

රුපියල් අස්සට අලුක්කාල් (Alukkal) - Your Choice Way

රුපියල් අස්සට අලුක්කාල් (Alukkal) - Your Choice Way

රුපියල් අස්සට අලුක්කාල් (Alukkal) - Your Choice Way

රුපියල් අස්සට අලුක්කාල් (Alukkal) - Your Choice Way

රුපියල් අස්සට අලුක්කාල් (Alukkal) - Your Choice Way

රුපියල් අස්සට අලුක්කාල් (Alukkal) - Your Choice Way

රුපියල් අස්සට අලුක්කාල් (Alukkal) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment