ඉහත කියමන පැරණි ජන සමාජයේ තිබූ ප්‍රකට කියමනකි . යටත් විජිත යුග වලදී විවිධ මුදල් ඒකක භාවිතා වූ අතර 1872 දී පමණ රුපියල් ශත ලංකාවේ පිළිගත් මුදල් ඒකකය බවට බ්‍රිතාන්‍ය යුගයේදී පත්ව මේ දක්වාම ක්‍රියාත්මක වෙයි .
රුපියලක් යනු ශත සීයකි .
බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස ලංකාව පැවති නිසා බ්‍රිතාන්‍යයේ කිරුල හිමි පාලකයින් ඔවුන් තමන්ගේ දුර කාලය තුලදී තම උඩුකය රුව මේ කාසි සඳහා අන්තර්ගත කර ඇත .
King Edward , King George , King Victoria ආදී පාලකයින් ගේ උඩුකය රුව මේ රුපියල් ශත කාසි වල දක්නට ඇත .
එකල ශත කාල ( අලුක්කාල ) , ශත භාගය ( සල්ලිය ) , ශත පහ , ඝනකම් සතය (බෙහෙත් කිරන සතය ) ,තුනී සතය ( බොල් සතය ) සතය ලෙස සතයේ කාසි කිහිප ආකාරයකින් තිබී ඇත .
වර්තමානය වනවිට ශත කාලක් , සල්ලියක් දැකීම උගහටය . මේවා කාසි හා මුදල් නොට්ටු එකතු කරන්නන් සතුව හා කෞතුකාගාර වලට පමණක් වත්මන වනවිට සීමාව ඇත .
එකල ද ශත කාල ද , අනෙක් සතයේ ප්‍රභේද හා සලකන කල්හි දුලභ ව පැවති නිසා , ධනවත් ප්‍රභූන් උසාවියේ සුලු වරදවල් සඳහා වැරදිකරුවන් වූ කල්හි දඩ ලෙස උසාවි විනිසුරුවන් නියම කර ඇත්තේ සත කාලකි . ඊට වඩා විශාල දඩයක් නියම කලහොත් ඔවුන් එය පහසුවෙන් ගෙවා දමා නිදහස් වී යන නිසා වෙනි .
නෝනද , පොල්ලද වැනි මතයක් සමාජගත වූයේ ද මේ කාසි හරහාය .
ඉතින් මේ තොරතුරු අප සමඟින් ගෙනහැර දැක්වූයේ ලංකාවේ විශාලතම කාසි හා මුදල් නොට්ටු මෙන්ම කෞතුක භාණ්ඩ එකතුවක් පවත්වාගෙන යන රඹුක්කන හීනාබෝවේ සමන් ජයසිරි මහත්මායි . ( 076 - 871 59 27 )
ලිපිය කියවා අනෙක් අයට බැලීමට ශෙයා කරන්න .
0 comments:
Post a Comment