Song Title : Wessa Langai (වැස්ස ළඟයි)
Singing : Anjaleen Gunathilaka (ඇන්ජලින් ගුණතිලක මහත්මිය) සමග H.R. Jothipala (එච්.ආර්. ජෝතිපාල මහත්මා)
Lyrics : Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Composer : Clarence Wijewardana (ක්ලැරන්ස් විජේවර්ධන)
Music : Super Golden Chimes (සුපර් ගෝල්ඩන් චයිම්ස්)
වැස්ස ළඟයි ඉන්නට බෑ යන්න ඕන මං
ගෙදර හිමි බලා හිඳී කොහොම ඉන්නෙ මං
වැහිබීරම කඩා වැටෙන් ගහ කොළ මැද්දෙන්
අපි දෙන්නා වන ලැහැබේ ඉමු නිස්සද්දෙන්
බාල වියේ බැඳුණ සෙනේ තවමත් හිතට දැනේ
අමතක නොවෙයි නඟේ මැවූ විසිතුරූ
වැඩිය සෙනේ නුඹට දැනේ
එනමුදු උරුම නොවේ
ගෙපැලේ බලා හඳී මගේ හිමිකරු
අපට කියා සිහින ලොවක් සොයාගමු අපි //
වැස්ස ළඟයි ඉන්නට බෑ යන්න ඕන මං
ගෙදර හිමි බලා හිඳී කොහොම ඉන්නෙ මං
වැහිබීරම කඩා වැටෙන් ගහ කොළ මැද්දෙන්
අපි දෙන්නා වන ලැහැබේ ඉමු නිස්සද්දෙන්
යමුද නඟේ ගමට හොරා ලස්සන ලොවක් සොයා
ගෙපැලක් හදාගමින් එහා ගං තෙරේ
කිරල කැලේ රැඳුණ සුවේ
මතකයි නුඹට වගේ
දැන්නම් පමා වැඩියි අනේ මස්සිනේ
නුඹේ නමින් තනිවෙන්නම් නඟේ පියකරු //
වැස්ස ළඟයි ඉන්නට බෑ යන්න ඕන මං
ගෙදර හිමි බලා හිඳී කොහොම ඉන්නෙ මං
වැහිබීරම කඩා වැටෙන් ගහ කොළ මැද්දෙන්
අපි දෙන්නා වන ලැහැබේ ඉමු නිස්සද්දෙන්
0 comments:
Post a Comment